එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂිම් ඇමතිවරයා තම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් වන තතු දත් ආරංචි මාර්ග සදහන් කොට සිටින්නේ කබිර් හෂීම් මහතාගේ ඉල්ලා අස්වීමට මූලිකම හේතුව ඊයේ සිරස මාධ්‍ය ආයතනය වෙත එල්ල කළ ප්‍රහාරය සහ යහපාලන මූල ධර්ම එමගින් විනාශයට පත්වීම හේතුවෙන් බවයි.
ලිපියක් මගින් ඉල්ලා අස්වීම සදහන් කොට ඇති ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටින්නේ අප බලයට පත් කරනු ලැබූවේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට බවත් එවැනි ප්රජාතන්ත්රවාදී තත්වයන් සුරැකීමට නොහැකිව මෙම තනතුරුවල රැදී සිටීම නිෂ්ඵලය කටයුත්තක් බවත් සදහන් කොට ඇත.