ශ්‍රිලනිපයේ පිරිසක් විශ්වාසභංගයට එරෙහි වෙයි

0
57

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කල බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

විශ්වාසභංගය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.

එම සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 25 කට වැඩි පිරිසක් සහභාගී වූ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂය ඡන්දය භාවිත කිරීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කල බව ඔහු සඳහන් කළේය.

මේ අතර විශ්වාසභංග යෝජනාවේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටින බවට රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා සිදුකල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් ක‍ළේය.

කෙසේවෙතත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය නොදී සිටීමට තීරණය කර ඇති බව ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here