ශ්‍රිලනිප ඇමතිවරුගේ දූෂණ වංචා නැවතත් කරලියට

0
105

වර්තමානයේ පවතින දේශපාලන තත්වයන් මත දේශපාලනයේ බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතින අතර මේ වන විට යහපාලන ආණ්ඩුවෙහි පිල් අතර වන ගැටීම් දුර දිග යමින් පවතින බවද වාර්තාවේ.
පසුගිය කාලයේ වාර්තා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන නීතිය ක්‍රියාත්මක වීම නැවත පරීක්ෂණ තත්වයන් වෙත යොමුව ඇති අතර ඒ අනුව වර්තමාන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් වන එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, ඩිලාන් පෙරේරා, හා තිලංග සුමතිපාල යන අය පෙර වැරදි කිහිපයක් පිළිබද පරීක්ෂණ ඇරඹීමට තීරණය කොට ඇති බව තොරුතුරු වාර්තාවේ.එස්.බී. දිසානායක ඇමතිවරයාට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඔහු උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නිවසක් තම නමට පවරා ගැනීම සම්බන්ධවන චෝදනාව වන අතර තිලංග සුමතිපාලට එරෙහිව ඇති චෝදනාව වන්නේ බැද්දගානේ සංජීව නැමැත්තා ඝාතනය කිරීම සදහා වන සම්බන්ධයක් පිළිබද චෝදනාවයි. එසේම ඩිලාන් පෙරේරාට එරෙහිව ඇති චෝදනාව වන්නේ විදෙස් රැකියා ලබාදීමේදී වූ වංචාවක් වන අතර සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව ඇති චෝදනාව වී ඇත්තේ ඔහු ඛනිජ තෙල් ඇමතිවරයාව සිටියදී සිදුවූ වංචා හා චෝදනාවන් පිළිබද ව වන කරුණකි.

මෙම වැරදි සම්බන්ධයෙන්  දිගු කාලීනව ප්‍රශ්න පැන නැගී තිබූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරමින් සිටිම හේතුවෙන් මෙම පරීක්ෂණ යට ගිය බවට චෝදනාවක්ද එල්ලවී තිබිණි.
තවද මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිමල් සිරිපාල ද සිල්වාගේ වෛද්‍යවරියක් සම්බන්ධයෙන් වන වාහන ලබාදීම සම්බන්ධ පරීක්ෂණය ද ලක්ෂ්මන් යාපා ඇමතිවරයා ආයෝජන හා ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස සිටි අවදියේ අල්ලස් ලබාගැනීම සම්බන්ධ පරීක්ෂණද මේ වනවිටත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ හා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අදාළ නඩු විභාග කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමද සිදුකිරීමට නියමිතව පවතින බවද වාර්තාවේ.
එසේම පසුගියදා ක්‍රියාත්මක තලයට පැමිණි නව අධිකරණ පනත යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දූෂණ වංචා කළ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ට අදාළ චෝදනාවන් විභාග කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියද සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here