රනිල් එළවීමට පෙරට ආ රංගේ බණ්ඩාර තවමත් වැට උඩ

0
73

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය භාවිත කරනු ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමු වෙමින් පවතී.

පසුගියදා සිදුකෙරුණ කැබිනට් මණ්ඩල සංශෝධනය ‘කොමඩියක්’ ලෙසින් විග්‍රහ කරමින් හෙළා දුටු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ පක්ෂ නායකත්වයේ පූර්ණ සංශෝධනයක් අවශ්‍ය බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කුමන ස්ථාවරයක් ගනු ඇද්ද? යන්න ඒ අතර විශේෂ අවධානයට ලක්වෙමින් පවතින ප්‍රශ්නයයි.

මේ අතර පක්ෂ නායකත්ව ව්‍යුහයේ “පූර්ණ ප්‍රතිශෝධනයක්” සිදුනොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට තමන් ඇතුලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට සිදුවනු ඇතැයි පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා පවසන අතර තමා ද තවමත් තීරණයකට එළැඹ නැති බවය.

“අපි බලමු අඟහරුවාදා වෙනකොට,” ඔහු පැවසීය.

තවම තීරණයක් නෑ .කණ්ඩායමත් එක්ක කතා කරලා තමයි තීරණයක් ගන්න වෙන්නේ
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here