භාරතයේ ප්‍රධාන සංඝනායක ජූලිම්පිටියේ ඥානරතන නාහිමියෝ අපවත්වෙති

0
71

භාරතයෙ ප්‍රධාන සංඝනායක දඹදිව සංකස්සපුර දේවාවරෝහණ මෛත්‍රී බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය ජූලිම්පිටියේ ඥාණරතන නාහිමිපාණන් අද කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත්වී වදාළේය. ඉන්දියාවේ අති දුෂ්කර ප්‍ර දේශයක් වූ සංකස්සපුර නැමැති වල් බිහිව තිබූ බෞද්ධ ආරාමය යළි නගාසිටුවා එය සමස්ත ලෝකවාසී බෞද්ධන්ට උරුම කරදීමේ නියමුවා වූ ජූලම්පිටියේ ඥානරතන නාහිමියන් දැඩි වෙහෙසක් මධ්‍යයේ ඉන්දියාවේ තම සාසන කටයුතු සිදුකළ නාහිමිපාණන් වහන්නේ නමක් වේ.

ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලැබූ උන් වහන්සේ එහිම කථිකාචාර්වරයෙකු ලෙස සේවය කරනු ලැබීය. කලක් දැඩි අසනීප තත්වයේ පසුවූ උන් වහන්සේ අපවත් වන විට 73 වන වියේ පසුවිය.
උන් වහන්සේගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ මාතර , කිරින්ද පුර්වාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිතය.

Posted by Sewanagala Sumangala Himi on Monday, March 26, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here