සෝයාමීට් ප්‍ර මෝෂන් මැද සම්මානනීය බෝනික්කන්ගේ උළෙල – තාරුකා සෙව්වන්දි දිසානායක

0
124

සෝයමීට් හදන රයිගම් මාකටින් සර්විස් එකෙන් දෙන සම්මානෙකට ඔච්චර නැහෙන්නෙ ඇයි… මට නම් කළකිරීමයි… රයිගම් එකෙන් නොමිනේට් වෙච්ච නළු නිළියන්ට නොමිනේශන් කාඩ් එක ලියන්නෙ එතන ඉන්න ඇසිස්ටන් කෙල්ලො ටිකක්…අතින්… ටිපෙට්ස් කර කර මක මක…. සමහරුන්ගෙ හෑන්ඩ් රයිටින් මෙලෝ රහක් නෑ…
මේ අවුරුද්දෙ සම්මාන දෙන්නෙ ගිය අවුරුද්දෙ ටෙලිකාස්ට් වෙච්ච නාට්ටි වලට…මිනිස්සුන්ට ඒ වෙද්දි මතකත් නෑ ඒ නාට්ටිවල නම්වත්…

කූඹියෝ නාට්ටියට වඩා සහෝදරයා නාට්ටිය ගොඩක් ඉහළින් තියෙන්නෙ… සහෝදරයා නාට්ටියේ හැම දෙබසක්ම ජීවිතේට දෙයක් කියල දෙනවා… හැම සියුම් හැසිරීමකම පුදුමාකාර ඉවසීමක් තැන්පත් කමක් තියෙනවා… ඒත් මං නම් දකින්නෙ භෞතික ලී කෑල්ලකින්, වීදුරු කෑල්ලකින් ඒ අපි උකහා ගත්ත සාරය මැනල ඉවර කරන්න පුළුවන්ද ඔය සම්මාන දෙන සමාගමකට ?

නිකං බෝනික්කො වගේ විසිතුරුව සැරසිලා ඔහේ දෙබස් කියන ළපටි සිපයි නළු නිළියෝ අතරේ තුමිඳුලා ඉන්න ඕනෙද… රයිගම් සම්මානයක් කිසිසේත්ම අවශ්‍යද කූඹියෝ වගේ කණ්ඩායමකට….

ඇයි මේ මිනිස්සු මේ විහිළු සම්මානයක් වෙනුවෙන් මෙච්චර කඩේ යන්නෙ… ලක්මාල් ධර්මරත්න කියන පුද්ගලයා සාර්ථක උත්සාහයක් දැරුවා ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට… ඒක උන්මාදයක් කරගන්න නොගන්න එක ප්‍රේක්ශකයගෙ වැඩක්… ඒත් ඇයි මේ නොවටිනා සම්මානයක් වෙනුවෙන් වෝට් කරන්නෙයි කිය කිය ඉල්ලමින් පෝස්ට් ශෙයා කරන්නේ…
පුදුම කළකිරීමක් දැණෙන්නෙ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here