එඩ්නා සුගතපාල සමුගනී

0
139

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය නිළි එඩ්නා සුගතපාල මහත්මිය ඊයේ දහවල් අභාවප්‍රාප්ත වුවාය. දින කිහිපකට ඉහත බරපතල ලෙස රෝගාතර වූ ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

මිය යන විට ඇගේ වයස අවුරුදු 72කි.

කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා ශූරීන්ගේ සැනසුම කොතනද? චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට හරූන් ලන්ත්‍රා සමඟ සුජාතා අත්තනායක ගැයූ ධර්මසිරි ගමගේ රචනා කළ සුලං කුරුල්ලෝ ගිතය සදහා ගායන නිරූපනයෙන් දායක වෙමින් සිනමාවට පිවිසි එඩ්නා සුගතපාල සිනමා කෘති සහ ටෙලිනාට්‍ය සැලකිය යුතු ප්‍රමාණයක දායක වූවාය.

ජ්‍යෙතිශය පිළිබඳ මනා හැකියාවක් තිබූ ඇය. කලා කරුවන් වැඩිම පිරිසකගේ ජන්මපත්‍ර බැලූ ජ්‍යෙතීර්වේදිනියක ලෙසද වාර්තාවක් තබා ඇතැයි කියනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here