ප්‍රතිඵල කුමක් වුවත් සම්මුතිය රකිනවා – මෛත්‍රී – රනිල් එකගතාවයක

0
43

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව අද පැවති හදිසි සාකච්ඡාවේදී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව පලාත් පාලන ආයතන බහුතරයක් පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කලද සම්මුතිවාදී ආණ්ඩුව ඒ ලෙසම පවත්වාගෙන යාමට ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් අතර එකඟතාවක් ඇතිවී ඇත.

බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රථිශතය ගත්කල යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පැවතීමත්, මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 වඩා සපේක්ෂ අඩුවීමත් යන කරුණු හේතුකොට ගෙන රජය කෙරෙහි ඇති ජනපදනම නොඅඩුව පැවතීම විශ්ලේෂණය කොට ඇති අතර, පලාත් පාලන ආයතන 100 ක් පමණ ශ්‍රීලනිප සහ එජාප එකඟතාව මත බලය පිහිටුවීමට කටයුතු කරන බව සඳහන් කොට ඇත.

තවද, මෙම ජනබලය යහපාලනයට එරෙහිව ඇති බව නිර්ණය කරනු ලබන ශ්‍රීලනිප ඇමතිවරුන් හට රජයෙන් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව ජනපති මෛත්‍රී සඳහන් කර ඇති අතර, ඔවුන් රජයෙන් ඉවත්ව ගියද එජාප – ශ්‍රීලනිප සම්මුතිවාදී රජය එලෙසම පවත්වාගෙන යන බවද දැනුම් දී ඇත. එසේම ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ රැසක් ගෙන ඒමට ද්වීපාර්ශ්වික එකඟතාවකට අද (10) පැමිණ ඇති බව තොරතුරු අනාවරණය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here