දැයට හිමි වූ දායාදයකින් වැඩක් ගැනීමට ආරාධනා

0
106

ලංකාවේ බොහෝ චිත්‍ර ශිල්පීන් වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙස් ගතව මහා ධනස්කන්ධයක් යට කොට එකී ශිල්පිය හැදෑරීමට කටයුතු කරන සමයක ලංකාවට නොමිලයේ ලැබුනු මහා දායාදයක් වූ දකුණේ සුන්දර දික්වැල්ලේ පිහිටි ඇමරිකානු ආධාර මත ඇති චිත්‍ර කළා ඇකඩමියක් පිළිබද අපට තොරතුරු අසන්නට ලැබිණි.
ඒ ආනි ආර්ට් ඇකඩමි නමින් පවත්වාගෙන යනු ලබන චිත්‍ර කලා ආයතනයක් වන අතර එහි මාධව අරුණශාන්ත මහතා අදහස් දක්වමින් සදහන් කොට සිටියේ මෙම ආයතනයෙන් ලංකාවෙ සුවහසක් දරුවන්ට චිත්‍ර ශිල්පය නොමිලයේ ලබාදෙන අතර එය වසර තුනක අධ්‍යයන කාලයකට යටත්ව ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර අධ්‍යයන ආයතනයක් බවයි .
පහත දැක්වෙන්නේ එහි වටිනාකම දැක්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ආනි ආර්ට් ඇකඩමිස් කියන්නෙ?

ආනි ආර්ට් ඇකඩමීස්, ලොව පුරා සිටින සිතුවම්කරණයට ලැදි සිත්තරුන්ට චිත්‍රකර්මය හා පින්තාරුකරණය පිළිබඳව බහුවාර්ෂික පුළුල් අධ්‍යාපනයක් ලබා දෙන, ලාභ සඳහා නොවන ගෝලීය සංවිධානයක්. වඩාත් ආකර්ෂණීය හා නවමු අන්දමින් නිර්මාණකරණයේ යෙදෙන්නට හා අදහස් ප්‍රකාශනයට දේශීය සිත්තරුන් වඩාත් දිරි ගැන්වීමේ අරමුණින් අපගේ කලායතන ස්ථාපනය කොට තිබෙන්නේ විදේශීය සංචාරක ගමනාන්ත ආශ්‍රිතවයි. උපාධිධාරීන්ට සංචාරකයින් හා දේශිය ප්‍රජාව සමග වඩාත් බුද්ධීමත් හා වැඩි ආර්ථික ප්‍රතිලාභද ලැබෙන පරිද්දෙන් සන්නිවේදනය කරන්නට අවස්ථාව ද මෙහිදී අප සලසා දෙනවා. ආනි ආර්ට් ඇකඩමීස්, ටිම් රෙනෝල්ඞ්ස් මහතාගේ මූලිකත්වයෙන් අරඹන ලදුව, කැපවීමෙන් යුත් අපගේ ගුරු මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ වෙහෙස මහන්සියෙන් පණ ගැන්වුණු සහයෝගිතා ව්‍යාපෘතියක්. ආනි ආර්ට් ඇකඩමීස් හි අධ්‍යයන පටිපාටිය සැකසී ඇත්තේ නවක සිත්තරුන්ට මග කියා දෙන්නට ජීවිතයම කැප කළ සුප්‍රසිද්ධ මහා සිත්තරකු වන ඇන්තනි ජේ. වයිකුලිෂ් මහතා අතින්. කැපවීමෙන් යුත් ඕනෑම සිසුවකු කුසලතා පිරිපුන් සිත්තරකු බවට පත් කරවිය හැකි අන්දමේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන වැඩසටහනක් නිර්මාණය කරන්නට ඔහු වසර 15ක් පමණ තිස්සේ කැපවී තිබුණා. “ආනි” යනු “අසමසම ගමනක මාවත” යන තේරුම ඇති ස්වාහිලි වචනයකින් බිඳී ආ වදනක්. උත්සාහවන්ත සිසුන් ජීවිත කාලය පුරාවටම අත් විඳිය හැකි න්‍යායාත්මකව හා විනයානුකූලව ගොඩ නැගුණු නිර්මාණාත්මක නිදහසකින් අභිෂේක ලබනු ඇති. මුල් කාලයේදී අපගේ කුසලතාව මත තීරණය වන හැකි නොහැකියාවන්ට අවසානයේ දී බලපාන්නේ අපගේ අසීමිත පරිකල්පනයම පමණයි.

අභ්‍යාසලාභීන් විසින් කැප කළ යුතු කාලවේලාව?

ආනි ආර්ට්ස් ඇකඩමීස් හි විෂය මාලාව කොටස් හතකට බෙදේ. ඒ චිත්‍රකරණය හඳුන්වා දීම, ද්‍රව්‍ය හා ආම්පන්න හැසිරවීම, ආකෘති ව්‍යුහය, ස්වාභාවික ආකෘතීන්, පින්තාරුකරණය හඳුන්වා දීම, පින්තාරුකරණයේ ශිල්පීය ක්‍රම හා නිමාව වශයෙන්. අභියෝගාත්මක අභ්‍යාස හා සතත පුහුණුවීම් මාලාවක් සමග ඇනී හි සෑම සිසුවකුටම ද්‍රව්‍ය හා ආම්පන්නවල ගතික ස්වභාවය මෙන්ම හැසිරවීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම ද හොඳින් ගවේෂණය කරන්නට ඉඩහසර ලැබෙනවා. මූලික අභ්‍යාස කෙරෙහි නොසැලෙන අවධානය, කාර්යක්ෂමතාව හා ද්‍රව්‍යමය විවිධත්වය සමග සිත්තරකුගේ දැක්මට ජීවය ලබා දීමයි අපේ ඉලක්කය. සාමාන්‍යයෙන් සිසුවකුට අභ්‍යාසලාභී වැඩසටහන වසර තුනකින් සම්පූර්ණ කළ හැකියි. එසේ වුවත් ශිෂ්‍ය අවශ්‍යතා අනුව පුද්ගලික ඉලක්කයන් සපුරා ගන්නට උවමනා අමතර උපදෙස් ද ලබා දෙන්නට ආනි ආර්ට් ඇකඩමීස් සූදානම්. අභියෝගාත්මක ඇතැම් විෂය කොටස් (උදා: චිත්‍රකරණ හා පින්තාරුකරණ ශිල්පීය ක්‍රම) සඳහා අමතර කාලයත් අමතර ඉගැන්වීමත් උවමනා විය හැකි නිසා ඇතැම් විට පාඨමාලා කාලය දීර්ඝ විය හැකියි. අභ්‍යාසලාභීන්ගේ පූර්ණ කාලීන සහභාගිත්වය හා පුහුණුව නිම කිරීම සඳහා කැපවීම ද මෙහිදී බලාපොරොත්තු වනවාග පුහුණු වැඩසටහන තුළ වන දැඩි අවධානයක් අවැසි දුෂ්කර අභියෝග ජය ගන්නට අවශ්‍ය උත්සාහය හා අධිෂ්ථානය අපේ සිසුවියන් තුළ තිබිය යුතුයි. ඔවුන් අනෙකුත් අයගෙන් වෙනස් වන්නේ ඒ නිසයි. විෂය පිළිබඳ දක්ෂතාවයටත් වඩා අප අගයන්නේ ඒ පිළිබඳ වන උත්සාහය හා කැපවීමයි. මහා සිත්තරුන් උපතින්ම බිහි වූවන් නොවේ – ඔවුන් බිහි වී ඇත්තේ අධ්‍යාපනය තුළින්. යමෙකුට සහභාගි විය හැක්කේ සතියකට පැය 30කට වඩා අඩු කාලයක් නම් ඒ සඳහා විශේෂ අවසරයක් හා පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කිරීමත් අවශ්‍යයි. එහෙත් ඒ අන්දමින් එය ලබා ගැනීමට ඉඩහසර තිබෙනවා.

සිසු සිසුවියන් මේ සඳහා දැරිය යුතු වන වියදම?

මේ සඳහා සුදුසුකම් ලබන සියලුම අභ්‍යාසලාභීන්ට සියලුම පාඨමාලා ගාස්තු හා අවශ්‍ය ද්‍රව්‍ය සඳහා වන වියදම් ආවරණය වන සම්පූර්ණ ශිෂ්‍යත්ව හිමි වේ.

පාඨමාලාව සම්පූර්ණ කිරීමේ ප්‍රතිලාභ?

පාඨමාලාව සාර්ථක ලෙස නිම කළ පසු ආනි ආර්ට් ඇකඩමීස් වෙතින් ඒ සඳහා සහතික පත්‍රයක් ප්‍රදානය කෙරෙනු ඇති. ඉතා අගනා කලාත්මක හා නිර්මාණාත්මක උත්සාහයන් සඳහා මැනවින් යොදවා ගත හැකි වටිනා කුසලතාවන් රැසක් ඔබට හිමි කර දීම අපේ ඒකායන අරමුණයි. ලොව අග්‍රගණ්‍ය නිර්මාණකරුවන් කිහිපදෙනෙකු අතින් සැකසුණු අපගේ අධ්‍යයන පටිපාටිය අවසානයේ රජයේ පිළිගත් උපාධියක් ප්‍රදානය නොකෙරෙන මුත් එයින් ඉතා සාර්ථක වෘත්තීය මාර්ග යන් කරා අපගේ සිසු සිසුවියන් නිතැතින්ම යොමු කෙරෙනවා. අපේ අධ්‍යයන ක්‍රමය සැකසී තියෙන්නේ නිර්මාණ කුටි ක්‍රමය අනුවයි. ඒ අනුව සිසුන් කිහිපදෙනා බැගින් වන කුඩා කණ්ඩායම් එක් එක් චිත්‍ර ශිල්පීන් යටතේ පුහුණු වන්නට යොමු කෙරෙනවා. අපේ ඉගැන්වීම් ක්‍රමය සැකසී ඇත්තේ සෑම සිසුවකුටම උපරිම පුද්ගලික අවධානයක් ලබා දිය හැකි පරිදි හා ප්‍රවීණ සිතුවම් ශිල්පියකු හා වඩාත් සමීපව හිඳිමින් පහුණු වීමේ අත්දැකීම ද මැනවින් ලබා දෙන අයුරින්. ඕනෑම සිසුවකු යම් අධ්‍යයන පාඨමාලාවකට යොමු වීමට පෙර තමා සතු සියලු විකල්ප අත්හදා බැලීම අප තරයේ රෙකමදාරු කරනවා. ලොව පුරා විවිධ අධ්‍යාපන ආයතන හා ගුරුවරුන් එමටයි. ඕනෑම පාඨමාලාවකට එක් වීමට පෙර ඔබේ කලා කුසලතා ඔප් නැංවීමට අදාළව අදාළ ආයතනය / පීඨය හෝ එහි ආදි සිසුන්ගේ නිර්මාණ කෘති හා පසුබිම පිළිබඳ විමසා බැලීම අවශ්‍ය බව අපේ මතයයි. ආනි ආර්ට්ස් ඇකඩමීස් පිළිබඳ වැඩි විස්තර (උදා: විෂය මාලාවල උපදේශකවරුන්ල අභ්‍යාසලාභීන්ල ආදි සිසුවියන්) වෙබ් පිටුව ඔස්සේද ලබා ගත හැකියි. www.aniartacademies.org

පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු සිසුන්ට කළ හැකි වන්නේ?

DCIM100MEDIADJI_0010.JPG

මෙය, ඕනෑම ආයතනයකින් පාඨමාලාවක් සම්පූර්ණ කළ පසු සිසුන් මුහුණ දෙන ප්‍රශ්නයයි. මෙය ඕනෑම සිසුවකු තම අධ්‍යාපන අවස්ථාවන් පිළිබඳව සොයා බැලීමේදී ඇසිය යුතු ප්‍රශ්නයක් බවයි අප විශ්වාස කරන්නේ. ඊට පිළිතුර බොහෝ විට එක් එක් අයගේ පුද්ගලික සිතුම් පැතුම් මත වෙනස් වන්නක්. කලින් සඳහන් කළ පරිදිම අපගේ විෂය මාලාව තුළින් ලබා දෙන කුසලතාවන් ඉතා පුළුල් අයුරින් ප්‍රයෝජනයට ගත හැකියි. එම කුසලතාවන් සෞන්දර්ය කලා, චිත්‍රකරණයල,නිර්මාණ සැලසුම්කරණය,නිර්මාණ සැලසුම්කරණය, අධ්‍යාපන යන ඕනෑම ක්ෂේත්‍රයක් තුළ යොදා ගත හැකියි. තම කුසලතාවය ඇසුරින් ගුණාත්මක නිර්මාණයක් බිහිකළ හැකි නිර්මාණකරුවන්ට අවස්ථාවන් ඕනෑ තරම්.

සිය අරමුණ සාක්ෂාත් කර ගන්නට මෙම ව්‍යාපෘතියට ප්‍රතිපාදන ලැබෙන්නේ කෙසේද?

සියලුම ප්‍රතිපාදන ලැබෙන්නේ ඇනී විලාස් ඉන්ටර්නැෂනල් හා ටිම් රෙනෝල්ඞ්ස් පදනම වෙතින්. සෑම සිසුවකුටම පූර්ණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙනවා. කැපවීමෙන් යුතු අපගේ සිසුන්ට පාඨමාලා කළමනා පමණක් නොවේ දිවා ආහාරය ද නොමිලේ සැපයෙනවා. මීළඟ වසර 10 සඳහාම අප මුළුමනින්ම ප්‍රතිපාදන ලබා අපගේ අරමුණ කරා ගමන් ගන්නට සැරසී අවසන්. එනිසාම දැනට රජයේ ප්‍රතිපාදන කිසිවක් හෝ වෙනත් ආධාර කිසිවක්ම අප භාර ගන්නේ ද නැහැ. අපගේ සිසුන් වෙතින් අප නැවත බලාපොරොත්තු වන එකම කරුණ, මේ කරුණාවන්ත බව ඔවුන්ගේ ඉදිරි ගමන පුරාවට අන් අයට ද බෙදා දෙනු ඇති බව පමණයි.

අන්තර්ජාතික ප්‍රමිතියේ චිත්‍ර කලායතනයක් මෙහි හදන්නේ ඇයි?

DCIM100MEDIADJI_0021.JPG

කලාව ඉතා පුද්ගලික සහ මහත් ප්‍රීතියක් ලබදෙන ජීවිතයේ විශේෂ අංගයකි. නිර්මාණශීලී පුද්ගලයින් පවත්වන විශේෂ ඥාති සබඳතාවල අපේ ආශාව හා අපගේ ගමන බෙදා ගත හැකි සම හිතැති ආත්ම සෙවීමට අපව පොලඹනවා. අපි චිත්‍ර කලාවට ආදරය කරන්නෙමු. අපව ආවේශ කරන අත්දකීම් බෙදාගන්න, ප්‍රකාශ කරන්න සහ ඒ මත පිහිටා නිර්මාණ කිරීමට අපට අවශ්‍යයි. අපි කලාත්මක හැකියාවන්, ප්‍රීතිය හා අරගල හුවමාරු කර ගත යුතුයි – නමුත් ඇත්ත වශයෙන්ම අපට බෙදාහදා ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික දැනුමයි. ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ අදහස් ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට අවශ්‍ය සියලු හැකියාවන් සහිතව ඉපදෙන්නේ නෑ. ඒ වෙනුවට ඔවුන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගනිමින් මෙම කුසලතා ලබා ගනී. පවුලේ ගසක් වගේ අපිට පුනරුද යුගයේ ලෙනාඩෝ දා වින්සි සහ මයිකල් ඇන්ජලෝ දක්වා අපේ ගුරුවරුන්ගේ ගුරුවරුන් සොයා ගත හැකිය. ඉදිරි දශක හා ශතවර්ෂවලදී මෙම ශ්‍රී ලාංකික සිසුන් දකින්නේ හා අප සමඟ බෙදාගන්නේ කුමක් ද? දැන්මම අපි ඒ ගැන විමසිය යුතුය. එය ආරම්භ වන්නේ මෙලෙසයි. ආනි ආර්ට් ඇකඩමීස් ශ්‍රී ලංකා චිත්‍රාගාරය දිවයිනේ දකුණු වෙරළ තීරය ආසන්නයේ (මාතර දිස්ත්රීකයේ) පිහිටා ඇත. සරු වෘක්ෂලතාදියෙන් හා තේ වතු වගාවලින් වටවී ඇති ප්‍රදේශයේ විශේෂ සුන්දර පරිසරයක් ඇත. පෞද්ගලික සංවර්ධනය සඳහා අනුබල දෙන පූර්ණ නිශ්ශබ්දතාවයක්ද මෙහි පවතී. පාසල වටා ඇති පිටිය වනජීවීන් රාශියක් අප සමග බෙදා ගන්නා අතර මුහුද සැතපුම් දෙකකට වඩා අඩු දුරකින් පිහිටයි. ශ්‍රී ලංකාව ඔබට ඉදිරිපත් කරන සියලු විවිධත්වය භුක්ති විඳින අතර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම වූ හුදකලවද රස විඳිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here