පළමු සමානුපාතික පලාත් පාලණ මැතිවරණය

0
155

ඡන්දයට ඉදිරිපත් වූ පක්‌ෂවල මට්‌ටමින් මෙන්ම අපේක්‌ෂකයින්ගේ පුද්ගලික මට්‌ටම්වලින්ද පූර්ව මැතිවරණ සමය තුළ ඉතාම යුහුසුළුව ඡන්ද ප්‍රචාරක කටයුතු මෙහෙයවන අයුරු දක්‌නට තිබිණි. මනාප රැස්‌කිරීමේ අටියෙන් බොහෝ අපේක්‌ෂකයින් ගෙන් ගෙට යැම ඉතා සුලභ දසුනක්‌ විය. ඡන්ද විමසීමට පැය 48 කට පෙරාතුව මැයි 08 වැනිදා මැදියම් රැයේ සිට ඒ සියලුම ආකාරවල ඡන්ද ප්‍රචාරක කටයුතු නීත්‍යනුකූලව අත්හිටුවන ලදී. එදින සිය අවසන් ප්‍රචාරක රැලි එ.ජා.ප.ය හාශ්‍රී ල.නි.ප. විසින් කොළඹ දී පවත්වන ලද්දේ අතිවිශාල ජනකායන්හි සහභාගිත්වයෙනි.

අවසන් වරට අඛණ්‌ඩව පස්‌වතාවක්‌ම සමානුපාතික මනාප ඡන්ද ක්‍රමය යටතේ පවත්වා ඇති මෙරට පළාත් පාලන මැතිවරණයේ මීළඟ අදියර කොට්‌ඨාස හා සමානුපාතික මිශ්‍ර දෙමුහුන් නව ක්‍රමයක්‌ යටතේ පැවැත්වෙන බව දැනටමත් නිල වශයෙන් ප්‍රකාශ වී තිබේ. එහෙත් ජාතික මැතිවරණයක සිරි ගත් පළාත් පාලන මැතිවරණයක්‌ අපේ රටේ මුල්වරට පවත්වන ලද්දේ මීට වසර 25 කට පෙර 1991 වසරේදීය. එවකට ඒකාබද්ධව තිබූ උතුර – නැගෙනහිර පළාත හැර සෙසු පළාත් හතේaම 1991 මැයි 11 වැනිදා එකවර මෙම මැතිවරණය පවත්වන ලද්දේ මහ නගර සභා 10 ක්‌, නගර සභා 33 ක්‌ හා ප්‍රාදේශීය සභා 194 ක්‌ ඇතුළු පළාත් පාලන ආයතන 237 කට නියෝජිතයින් පත්කර ගැනීම උදෙසාය. 1987 දී අභිනවයෙන් පිහිටුවා තිබූ මෙම ප්‍රාදේශීය සභාවල එතෙක්‌ කටයුතු කර තිබුණේ ඡන්ද විමසීමකින් තොරව නාමකරණයෙන් ඒවාට පත්කර සිටි නියෝජිතයින්ය.

නව ක්‍රමයකට පැවැත්වූ මෙම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උතුර – නැගෙනහිර හැර සෙසු පළාත් හතේ පිහිටි දිස්‌ත්‍රික්‌ක 17 හි ස්‌ථාන 18 කදී නාමයෝජනා භාරගන්නා ලද්දේ 1991 මාර්තු 21 සිට 28 වැනිදා දක්‌වායි. එබැවින් මීට නාමයෝජනා භාර ගැනුණු ක්‍රමවේදය පවා මින් පෙර පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස්‌ හා සංකීර්ණ වූ අතර, ඒ සඳහා යොදාගැනුණේ සමානුපාතික අපේක්‌ෂක ලැයිස්‌තු ක්‍රමයයි. එහිදී එවකට රටේ කුඩාම පළාත් පාලන ආයතනය වී තිබූ කඩුගන්නාව නගර සභාව සඳහා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ල.නි.ප. නාමයෝජනා පත්‍රය ප්‍රතික්‌ෂේප වීමත්, ඊට ඉදිරිපත්ව තිබූ එකම වලංගු නාමයෝජනාව වූයේ එ.ජා.ප. නාමයෝජනා පත්‍රය පමණක්‌ වීමත් හේතුවෙන් එහි නාගරික මන්ත්‍රී ධුර නවයම එ.ජා.ප.යට නිතරගයෙන්ම හිමිවිය. මෙය වනාහී සමානුපාතික මැතිවරණ ක්‍රමය මෙරටට හඳුන්වා දීමෙන් පසුව යම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආයතනයකට නිතරගයෙන් මන්ත්‍රීවරු තේරීපත්වූ පළමු අවස්‌ථාවද විය.

මැතිවරණයට තරග කිරීමේ අපේක්‌ෂාවෙන් දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් විසින් භාරදී තිබූ නාමයෝජනා පත්‍ර 74 ක්‌ම මෙම මැතිවරණයේදී ප්‍රතික්‌ෂේප වී තිබීම වැදගත් කාරණයකි. ඉතිහාසයේ මෙතරම් විශාල නාමයෝජනා පත්‍ර ගණනක්‌ එකවර ප්‍රතික්‌ෂේප වූ ප්‍රථම අවස්‌ථාවද මෙය විය. එයින් වඩාත්ම කැපී පෙනුණේ එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. වැනි ප්‍රධාන දේශපාලන පක්‌ෂවල නාමයෝජනා පත්‍ර කිහිපයක්‌ද ප්‍රතික්‌ෂේප වී ඉවතට විසිවීමයි.

දේශපාලන පක්‌ෂ අතුරින් වැඩිම නාමයෝජනා පත්‍ර ගණනක්‌ ප්‍රතික්‌ෂේපවී තිබුණේ ශ්‍රී ල.ම.ප.යේයි. ඔවුන්ගේ නාමයෝජනා පත්‍ර 17 ක්‌ම මෙවර ඉවතට විසිවී තිබිණි. මීට අමතරව, ශ්‍රී ල.මු.කො. නාමයෝජනා පත්‍ර 09 ක්‌ද, න.ස.ස.ප. නාමයෝජනා පත්‍ර 08 ක්‌ද, ම.එ.පෙ. නාමයෝජනා පත්‍ර 06 ක්‌ද, ශ්‍රී ල.නි.ප. නාමයෝජනා පත්‍ර 05 ක්‌ද, බ.නි.පෙ. හා ශ්‍රී ල.ප්‍ර.පෙ. නාමයෝජනා පත්‍ර 03 බැගින් සහ එ.ජා.ප. නාමයෝජනා පත්‍ර 01 ක්‌ද ප්‍රතික්‌ෂේපිත නාමයෝජනා ලැයිස්‌තු අතර විය. පොදුවේ ගත්කල වැඩිම නාමයෝජනා ලැයිස්‌තු ගණනක්‌ ප්‍රතික්‌ෂේප වී තිබුණේ ස්‌වාධීන කණ්‌ඩායම්වලය. එලෙස ප්‍රතික්‌ෂේප වූ මුළු ස්‌වාධීන කණ්‌ඩායම් ලැයිස්‌තු ගණන 21 කි.

ශ්‍රී ල.ම.ප. රත්නපුර හා ගාල්ල මහ නගර සභාවලටත්, මාතර නගර සභාවට සහ අත්තනගල්ල, උඩපළාත, නුවරඑළිය, හඟුරන්කෙත, ඇල්පිටිය, අක්‌මීමන, වැලිගම, අම්බලන්තොට, ආනමඩුව, හොරොව්පොතාන, කන්දකැටිය, හාලිඇල, බණ්‌ඩාරවෙල හා කුරුවිට ප්‍රාදේශීය සභාවලටත්, ශ්‍රී ල.මු.කො. රත්නපුර මහ නගර සභාව, මිනුවන්ගොඩ නගර සභාව සහ මීරිගම, මිනුවන්ගොඩ, නුවරඑළිය, කුලියාපිටිය, මධ්‍යම නුවරගම්පළාත, වැලිමඩ හා බණ්‌ඩාරවෙල ප්‍රාදේශීය සභාවලටත්, න.ස.ස.ප. ජාඇල, කළුතර, හොරණ, තලාව, කැකිරාව, මොනරාගල, ඇහැලියගොඩ හා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවලටත්, ම.එ.පෙ. කුලියාපිටිය නගර සභාවට සහ මීරිගම, අම්බලන්තොට, මිහින්තලේ, බණ්‌ඩාරවෙල හා ඇල්ල ප්‍රාදේශීය සභාවලටත්, ශ්‍රී ල.නි.ප. කඩුගන්නාව නගර සභාවට සහ උකුවෙල, මාතලේ, හික්‌කඩුව හා දැරණියගල ප්‍රාදේශීය සභාවලටත්, බ.නි.පෙ. හොරණ, වලපනේ හා කුරුණෑගල ප්‍රාදේශීය සභාවලටත්, ශ්‍රී ල.ප්‍ර.පෙ. කෑගල්ල නගර සභාවට සහ කෑගල්ල හා හලාවත ප්‍රාදේශීය සභාවලට මෙන්ම එ.ජා.ප.ය අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවටත් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා ලැයිස්‌තු මෙවර එසේ ප්‍රතික්‌ෂේප විය. එසේම, ස්‌වාධීන කණ්‌ඩායම් විසින් පෑලියගොඩ, පානදුර, නාවලපිටිය හා අම්බලන්ගොඩ නගර සභාවලට සහ වත්තල, ගම්පහ, දොම්පෙ, බුලත්සිංහල, පස්‌බාගේ කෝරළේ, හික්‌කඩුව, කඹුරුපිටිය, බෙලිඅත්ත, ලුණුගම්වෙහෙර, මාවතගම, නාත්තන්ඩිය, වෙන්නප්පුව, බණ්‌ඩාරවෙල, හපුතලේ, අයගම, ඇඹිලිපිටිය හා යටියන්තොට ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කරනු ලැබූ ලැයිස්‌තුද ප්‍රතික්‌ෂේපවී ඉවතට විසිවිය. මේ අතරින්ද බණ්‌ඩාරවෙල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් භාරදී තිබූ නාමයෝජනා පත්‍ර 04 ක්‌ම ප්‍රතික්‌ෂේප වී තිබීම වෙසෙසින් කැපීපෙනුණි.

පළාත් පාලන මැතිවරණයක්‌ සඳහා සමානුපාතික මනාප ලැයිස්‌තු ක්‍රමයට නාමයෝජනා භාරගැනුණු ප්‍රථම අවස්‌ථාව මෙය වීමත්, එය දේශපාලන පක්‌ෂවලට හා කණ්‌ඩායම්වලට තරමක්‌ නුහුරු, නුපුරුදු ආගන්තුක ක්‍රමවේදයක්‌ වීමත්, නාමයෝජනා භාරගැනීමේ මෙම නව ක්‍රමවේදය පෙර පැවති ක්‍රමයට වඩා බෙහෙවින් සංකීර්ණ වීමත් හේතුකොට ගෙන 1991 දී මෙපමණ නාමයෝජනා පත්‍ර ප්‍රමාණයක්‌ ප්‍රතික්‌ෂේපවූ බව පැහැදිලිය. නාමයෝජනා ලැයිස්‌තු විශාල ප්‍රමාණයක්‌ ප්‍රතික්‌ෂේප වීමට බලපෑ අනෙක්‌ ප්‍රධානතම හේතුව වී තිබුණේ තරුණ අපේක්‌ෂකයින්ගේ අවම නියෝජනය සහතික කරනුවස්‌ අලුතින්ම හඳුන්වා දී තිබූ අනිවාර්ය නෛතික ප්‍රමිතීන් සම්පූර්ණ කිරීමට බොහෝ පක්‌ෂ හා කණ්‌ඩායම් අපොහොසත් වීමයි. මේ යටතේද නියමිත වයස ප්‍රමාණයට වඩා අඩු හෝ වැඩි අපේක්‌ෂකයින් තරුණ කණ්‌ඩායමට ඇතුළත්වීම, ඇතැම් තරුණ අපේක්‌ෂකයින් තම උප්පැන්න සහතික හෝ තම වයස සනාථ කරන දිවුරුම් පෙත්සම් ඉදිරිපත් නොකිරීම, ඉදිරිපත් කරන ලද සමහර උප්පැන්න සහතික හා දිවුරුම් පෙත්සම් නියමිත තත්ත්වයෙන් නොතිබීම සහ සමහර අපේක්‌ෂකයින් විසින් ඔවුන්ගේ ප්‍රතිඥාව හෝ දිවුරුම නියමිත ආකාරයෙන් සම්පූර්ණ කොට නොතිබීම වැනි කරුණු මේ අතරින්ද ප්‍රධාන විය.

1991 පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත්වූ දේශපාලන පක්‌ෂ ගණන 11 කි. එ.ජා.ප., ශ්‍රී ල.නි.ප., ල.ස.ස.ප., ම.එ.පෙ., කො.ප., ශ්‍රී ල.ම.ප., ල.ක.කො., බ.නි.පෙ., න.ස.ස.ප., ශ්‍රී ල.මු.කො. සහ ශ්‍රී ල.ප්‍ර.පෙ. එම පක්‌ෂ විය. එහිදී එ.ජා.ප.ය ආයතන 234 කටත්, ශ්‍රී ල.නි.ප. ආයතන 202 කටත්, ශ්‍රී ල.ම.ප. ආයතන 120 කටත්, ශ්‍රී ල.මු.කො. ආයතන 65 කටත්, න.ස.ස.ප. ආයතන 43 කටත්, ම.එ.පෙ. ආයතන 18 කටත්, බ.නි.පෙ. ආයතන 12 කටත්, ල.ස.ස.ප. ආයතන 10 කටත්, කො.ප. ආයතන 06 කටත්, ල.ක.කො. ආයතන 02 කට සහ ශ්‍රී ල.ප්‍ර.පෙ. ආයතන 02 කටත් තරග වැදුණාහ. මීට අමතරව තවත් ස්‌වාධීන කණ්‌ඩායම් 100 ක්‌ද දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 75 ක්‌ වෙනුවෙන් ඉදිරිපත් විය. ශ්‍රී ල.නි.ප. තම පක්‌ෂයේ “අත” ලකුණින් තරග වැදී තිබෙන අවසන් මැතිවරණයද මෙයයි. පසුකාලීනව පැවති පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වූ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප වූ පසු ඊට අදාළ පාර්ශ්වයන් නඩු මගට බැස ඊට ආනුශංගිකව මැතිවරණයට එරෙහි උසාවි වාරණ නියෝග ලබාගැනීමට පවා යොමුවූ අවස්‌ථා දැකගත හැකිවුවත් මෙම මුල්ම සමානුපාතික පළාත් පාලන මැතිවරණයේදී එවැන්නක්‌ සිදුව තිබුණේ නැත. මේ නිසා කල්දැමීමකින් තොරව නියමිත පරිදි මැයි 11 වැනිදා දිවයින පුරාම එකවර මැතිවරණය පැවැත්වීමේ හැකියාව ලැබී තිබිණි.

1991 පළාත් පාලන මැතිවරණයෙන් තෝරා පත්කර ගත යුතුව තිබූ සභිකධුර 3542 ක්‌ වෙනුවෙන් තරග වැදී සිටි මුළු අපේක්‌ෂකයින් ගණන 13,000 කට ආසන්නය. ඔවුන්ගෙන්ද 5500 කට ආසන්න පිරිසක්‌ තරුණ අපේක්‌ෂකයින් වීම මෙදා වෙසෙසින්ම කැපීපෙනුණු ලක්‌ෂණයකි. මැතිවරණයට තරග කිරීමේ අපේක්‌ෂාවෙන් ඉදිරිපත්වී තිබුණු මුළු අපේක්‌ෂක ලැයිස්‌තු ගණන 888 කි. ඒ අතුරින්ද වලංගු ලෙස පිළිගෙන තිබූ ලැයිස්‌තු 814 ක්‌ තරගය සඳහා ඡන්ද විමසීමට යොමුකරනු ලැබීය.

1991 පළාත් පාලන මැතිවරණයෙන් තෝරා පත්කර ගත යුතුව තිබූ සභිකධුර 3542 ක්‌ වෙනුවෙන් තරග වැදී සිටි මුළු අපේක්‌ෂකයින් ගණන 13,000 කට ආසන්නය. ඔවුන්ගෙන්ද 5500 කට ආසන්න පිරිසක්‌ තරුණ අපේක්‌ෂකයින් වීම මෙදා වෙසෙසින්ම කැපීපෙනුණු ලක්‌ෂණයකි. මැතිවරණයට තරග කිරීමේ අපේක්‌ෂාවෙන් ඉදිරිපත්වී තිබුණු මුළු අපේක්‌ෂක ලැයිස්‌තු ගණන 888 කි. ඒ අතුරින්ද වලංගු ලෙස පිළිගෙන තිබූ ලැයිස්‌තු 814 ක්‌ තරගය සඳහා ඡන්ද විමසීමට යොමුකරනු ලැබීය.

රටේ ප්‍රධානතම හා විශාලතම මෙන්ම වැදගත්ම පළාත් පාලන ආයතනය වශයෙන්ද සැලකෙන කොළඹ මහ නගර සභාව සඳහා මෙවර පක්‌ෂ 04 ක්‌ හා එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ඉදිරිපත් විය. ශ්‍රී ල.නි.ප. එහිදී තනි පක්‌ෂයක්‌ ලෙස ඊට තරග නොකළ බැවින් එ.ජා.ප.යේ ප්‍රධාන ප්‍රතිවාදියා වී සිටියේ එසේ ස්‌වාධීනව ඉදිරිපත් වූ විපක්‌ෂයේ පොදු සන්ධානගත කණ්‌ඩායමයි. එ.ජා.ප.යේ කොළඹ නගරාධිපති ධුර අපේක්‌ෂකයා වූයේ රත්නසිරි රාජපක්‌ෂ මහතායි. විපක්‌ෂයෙන් ඊට තරග කළේ ඒ. එච්. එම්. µවුසි (ශ්‍රී ල.නි.ප.) මහතායි. දෙහිවල – ගල්කිස්‌ස හා මහනුවර මහ නගර සභාවලට දේශපාලන පක්‌ෂ 06 ක්‌ බැගින්ද, නුවරඑළිය මහ නගර සභාවට දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් 03 බැගින්ද, මීගමුව හා කුරුණෑගල මහ නගර සභාවලට පක්‌ෂ 04 ක්‌ හා එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ බැගින්ද, මාතලේ මහ නගර සභාවට දේශපාලන පක්‌ෂ 05 ක්‌ද, ගාල්ල මහ නගර සභාවට පක්‌ෂ 04 ක්‌ද, බදුල්ල මහ නගර සභාවට පක්‌ෂ 03 ක්‌ හා එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ද, රත්නපුර මහ නගර සභාවට පක්‌ෂ 03 ක්‌ද වශයෙන් ඉදිරිපත් වූහ.

නගර සභා අතුරින් ලොකුම තරගය මෙවර තිබුණේ දේශපාලන පක්‌ෂ 04 ක්‌ සහ එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ද ඇතුළුව කණ්‌ඩායම් 05 ක්‌ම තරගවැදුණු අගනගරය වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ නගර සභාවටයි. මේ හැර, මොරටුව, වත්තල – මාබෝල, කළුතර, වත්තේගම, නාවලපිටිය, හැටන් – දික්‌ඔය, කුලියාපිටිය හා අනුරාධපුර නගර සභාවලටද පක්‌ෂ හා කණ්‌ඩායම් 04 බැගින් තරග වැදුණේය. එහෙත්, කුඩාම තරගයන් පැවති ගම්පහ, ජාඇල, පානදුර, හලාවත, හපුතලේ හා බලංගොඩ යන නගර සභා හයටම තරග කළේ පක්‌ෂ හෝ කණ්‌ඩායම් 02 ක්‌ බැගින් පමණකි.

ප්‍රාදේශීය සභා අතුරින් විශාලම තරගය මෙදා දැකගත හැකිවූ නිකවැරටිය, මහව හා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවලට දේශපාලන පක්‌ෂ 06 බැගින්ද, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට දේශපාලන පක්‌ෂ 05 ක්‌ හා එක්‌ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ද තරග වැදුණේය. කඩුවෙල, කැස්‌බෑව, පානදුර, බණ්‌ඩාරගම, හාරිස්‌පත්තුව, පූජාපිටිය, යටිනුවර, පස්‌බාගේ කෝරළේ, ගලේවෙල, කොත්මලේ, අම්බලන්ගොඩ, බද්දේගම, ගල්ගමුව, අලව්ව, කුරුණෑගල, මාවතගම, නාත්තන්ඩිය, රාජාංගනය, ඇහැලියගොඩ හා මාවනැල්ල පක්‌ෂ හා කණ්‌ඩායම් පහක්‌ බැගින් තරග කළ ප්‍රාදේශීය සභා විය. අනෙක්‌ අතට, දේශපාලන පක්‌ෂ හෝ ස්‌වාධීන කණ්‌ඩායම් 02 ක්‌ බැගින් පමණක්‌ තරගවැදුණු කුඩාම තරගයන් පැවති ප්‍රාදේශීය සභාවන්ද 39 ක්‌ම තිබිණි. දිවුලපිටිය, මීරිගම, දොම්පෙ, බුලත්සිංහල, උඩපලාත, අඹන්ගඟ කෝරළේ, ලග්ගල – පල්ලේගම, විල්ගමුව, මාතලේ, වලපනේ, ඇල්පිටිය, තවලම, හික්‌කඩුව, අක්‌මීමන, හබරාදුව, මුලටියන, පස්‌ගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, දෙවිනුවර, දික්‌වැල්ල, වැලිගම, වීරකැටිය, කටුවන, අම්බලන්තොට, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, කරුවලගස්‌වැව, නවගත්තේගම, හලාවත, කැබිතිගොල්ලෑව, නොච්චියාගම, මැදිරිගිරිය, මීගහකිවුල, කන්දකැටිය, හල්දුම්මුල්ල, කතරගම, බලංගොඩ හා කෑගල්ල එම ප්‍රාදේශීය සභා විය.

රටේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙක වූ එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප. එකිනෙකා සමඟ තරග වැදුණු අවස්‌ථා ආයතන 199 කදී හෙවත් ඡන්දය පැවති ආයතනවලින් 84% කදීම දැකගත හැකිවිය. ඒ මහ නගර සභා 08 කදීත්, නගර සභා 20 කදී හා ප්‍රාදේශීය සභා 171 කදීත්ය. නමුත් ශ්‍රී ල.නි.ප. සෘජුව තරග නොකළ පළාත් පාලන ආයතන 33 ක්‌ද මේ මැතිවරණයේදී තිබිණි. ඒ අතුරින්, කොළඹ හා මීගමුව මහ නගර සභාවලදීත්, ජාඇල, නාවලපිටිය, තලවාකැලේ – ළිඳුල, පුත්තලම, හලාවත, බණ්‌ඩාරවෙල, හපුතලේ හා කෑගල්ල නගර සභාවලදී මෙන්ම හෝමාගම, පස්‌බාගේ කොරළේ, මාතලේ, උකුවෙල, කල්පිටිය හා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවලදීත් ස්‌වාධීන කණ්‌ඩායම්ද, පෑලියගොඩ, කළුතර නගර සභාවලදීත්, බලපිටිය, කෝලොන්න, දැරණියගල ප්‍රාදේශීය සභාවලදීත් ල.ස.ස.ප.ද, මාතර නගර සභාවේදී සහ හක්‌මන, මාලිම්බඩ, කඹුරුපිටිය, කලවාන හා අයගම ප්‍රාදේශීය සභාවලදී ශ්‍රී ල.කො.ප.ද, සීතාවකපුර නගර සභාවේදීත්, සීතාවක, මහරගම ප්‍රාදේශීය සභාවලදීත් ම.එ.පෙ.ද, තිරප්පනේ හා මීගහකිවුල ප්‍රාදේශීය සභාවලදී බ.නි.පෙ.ද, හික්‌කඩුව ප්‍රාදේශීය සභාවේදී ශ්‍රී ල.ම.ප.ද එ.ජා.ප.යේ ප්‍රධාන ප්‍රතිවාදී පාර්ශ්වය වී සිටියේය.

මේ මැතිවරණයේදී එ.ජා.ප. – ශ්‍රී ල.නි.ප. යන ප්‍රධාන පක්‌ෂ දෙකම ඔවුන්ගේ පක්‌ෂ හා සලකුණු යටතේ තරග නොකළ දිවයිනේ එකම පළාත් පාලන ආයතනය වූයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාව පමණි. එබැවින් ඊට තරගවැදුණු ප්‍රධාන පාර්ශ්වයන් දෙක වූයේ ල.ක.කොංග්‍රසයත්, ස්‌වාධීන කණ්‌ඩායමකුත්ය.

1983 පටන් උතුර – නැගෙනහිර පැවති සිවිල් යුද්ධයත්, 1987 න් පසු රට පුරා ඇතිවූ භීෂණය හා දේශපාලන ප්‍රචණ්‌ඩත්වයත් හේතුවෙන් 1982 න් පසුව පැවති කිසිදු ජාතික මැතිවරණයකදී සැලකිය යුතු පිරිසක්‌ ඡන්දය දී තිබුණේ නැත. එසේම එම වකවානුව තුළ රටේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්විය හැකි සමාජ වාතාවරණයක්‌ තිබුණේද නැත. මේ නිසා 1990 වසර ආරම්භයේදීම දකුණේ පැවති භීෂණය අවසන් වී රටේ යළි සාමය උදාවීමත් සමඟ නිදහස්‌ වටපිටාවක පැවති මුල්ම මැතිවරණය මෙය වූ බැවින් ඊට වැඩි දේශපාලනික වටිනාකමක්‌ද ආරෝපණය වූයේ නිතැතින්මය. එක්‌ අතකින් එය රාජ්‍ය බලය හොබවමින් ඒ වන විට වසර 14 ක්‌ම නොකඩවා රට පාලනය කර තිබූ එ.ජා.ප.යේ ජනප්‍රියත්වයද, අනෙක්‌ අතින් 1970 න් පසුව යළි මැතිවරණයක්‌ ජයගත නොහැකිව සිටි ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ විපක්‌ෂ කඳවුරේ ශක්‌තියද උරගා බලන ජනමත විචාරණයක සිරි ගත්තේය. මෙවර පළාත් පාලන මැතිවරණයක්‌ රටෙහි පවත්වන ලද්දේද 1983 න් වසර 08 කට පසුවයි. එබැවින් ජාතික නායකයන්ගේ සිට බිම් මට්‌ටමේ සියලු පක්‌ෂ විපක්‌ෂ ක්‍රියාකාරීන් දක්‌වා සෑම කෙනෙක්‌ම මේ ඡන්දයෙන් ජයගැනීම උදෙසා මහත් සේ කැපවී, වෙහෙසවී කටයුතු කරනු දැකගත හැකිවිය. එහෙත් රාජ්‍ය බලය හොබවමින් සිටි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එ.ජා.ප.ය තුළ එදා තිබූ අන්දමේ සමගියක්‌, පොදු නායකත්වයක්‌ නැතිව බේදභින්න වී සිටි විපක්‌ෂය තුළ පෙනෙන්නට තිබුණේ නැත. මේ නිසාම විපක්‌ෂයට සාපේක්‌ෂව එ.ජා.ප.ය මේ මැතිවරණයේදී සිටියේ බොහෝ ඉදිරියෙනි. මැතිවරණ ප්‍රතිඵලයෙන් පවා මේ තත්ත්වය මොනවට සනාථවී පෙනුණේය.

නිදහස්‌ හා සාමකාමී වටපිටාවක්‌ තුළ කලකට පසු එළැඹි ජාතික දේශපාලන ස්‌වරූපයේ මැතිවරණයක්‌ වූ නිසාම මෙය ජයගැනීම සඳහා සෑම පක්‌ෂයක්‌ම මහත් වෙහෙස මහන්සි වී ක්‍රියා කළේය. එහිදී ඒ සෑම පක්‌ෂයකම නායක, කාරකාදීන් සියලු දෙනාම ඡන්ද සටනට අවතීර්ණ වී සිටියේ එහි උණුසුම තව, තවත් තීව්‍ර කරවමිනි. පාලක එ.ජා.ප.යේ ඡන්ද සටනට රටේ ජනාධිපතිවරයා මෙන්ම එ.ජා.ප.යේ නායකයා ද වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනවිට, එ.ජා.ප. විරෝධී ප්‍රධාන ඡන්ද සටනට ශ්‍රී ල.නි.ප. නායිකාව මෙන්ම විපක්‌ෂ නායිකාව ද වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසින් නායකත්වය දුන්නාය. ශ්‍රී ල.ම.ප. ඡන්ද සටන මෙහෙයවූයේ එහි නායක ඔසී අබේගුණසේකර මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ දිනේෂ් ගුණවර්ධන හා එම්. එච්. එම්. අෂ්රොµa මහත්වරුන් විසින් පිළිවෙළින් ම.එ. පෙරමුණේත්, ශ්‍රී ල.මු. කොංග්‍රසයේත් ඡන්ද ව්‍යාපාරයන්ට නායකත්වය සැපයූහ. ල.ස.ස.ප. ඡන්ද වේදිකාවේ ප්‍රධාන කථිකයන් වී සිටියේ පක්‌ෂ නායක බර්නාඩ් සොයිසා හා බැටී වීරකෝන් යන මහත්වරුය. ආණ්‌ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ සෞම්‍යමූර්ති තොණ්‌ඩමාන් මහතාගේ නායකත්වය යටතේ සීත කඳුරට ල.ක.කො. ඡන්ද සටන මෙවරත් වඩා උණුසුම් ලෙස දියත් කෙරිණි. ඩිව් ගුණසේකර, පීටර් කෙනමන් හා කේ. පී. සිල්වා වැනි වමේ නායකයන් එදා කොමියුනිස්‌ට්‌ ඡන්ද සටනට නායකත්වය දුන්හ. විප්ලවීය මඟක්‌ ගත් න.ස.ස.ප. ඡන්ද සටනෙහි පුරෝගාමීන් වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර හා පක්‌ෂ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුය. මැතිවරණයකට මුල්වරට මෙදා ඉදිරිපත් වූ බ.නි.පෙ. පිහිටුවාගෙන තිබුණේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් වුවද, ඇය ඒ වනවිට රටෙහි නොසිටීම හේතුවෙන් එම ඡන්ද සටනේ වැඩි බර පැටවී තිබුණේ එහි දෙවැනි පෙළ නායකත්වය වූ දොස්‌තර රාජිත සේනාරත්න ඇතුළු කිහිපදෙනෙකුගේ කර මතටයි. ඉතාම සුළු මට්‌ටමකින් දියත් කෙරුණු ශ්‍රී ල.ප්‍ර.පෙ. ඡන්ද සටනෙහි පෙරමුණේම සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ඩී. බණ්‌ඩාරනායක මහතාත්, සටන්කාමී වමේ නායකයෙකු වූ ආරිය බුලේගොඩ මහතාත්ය.

ඡන්දයට ඉදිරිපත් වූ පක්‌ෂවල මට්‌ටමින් මෙන්ම අපේක්‌ෂකයින්ගේ පුද්ගලික මට්‌ටම්වලින්ද පූර්ව මැතිවරණ සමය තුළ ඉතාම යුහුසුළුව ඡන්ද ප්‍රචාරක කටයුතු මෙහෙයවන අයුරු දක්‌නට තිබිණි. මනාප රැස්‌කිරීමේ අටියෙන් බොහෝ අපේක්‌ෂකයින් ගෙන් ගෙට යැම ඉතා සුලභ දසුනක්‌ විය. ඡන්ද විමසීමට පැය 48 කට පෙරාතුව මැයි 08 වැනිදා මැදියම් රැයේ සිට ඒ සියලුම ආකාරවල ඡන්ද ප්‍රචාරක කටයුතු නීත්‍යනුකූලව අත්හිටුවන ලදී. එදින සිය අවසන් ප්‍රචාරක රැලි එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප. විසින් කොළඹ දී පවත්වන ලද්දේ අතිවිශාල ජනකායන්හි සහභාගිත්වයෙනි.

1991 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මැයි 11 වැනිදා පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්‌වා දිවයිනේ පළාත් හතක්‌ තුළ පිහිටුවන ලද ඡන්ද මධ්‍යස්‌ථාන 7500 කදී සිදුකෙරිණි. එහිදී ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි මුළු ඡන්දදායකයින් පිරිස 86,25,145 දෙනෙකි. එම කටයුතු සඳහා නිලධාරීන් 75,000 කට ආසන්න පිරිසක්‌ මැතිවරණ රාජකාරිවල නිරත වූහ. තවත් 40,000 ක පොලිස්‌ බල ඇණියක්‌ද මැතිවරණයේ ආරක්‌ෂාව භාරව සීරුවෙන් කටයුතු කරන ලදී. ඡන්ද ගණන් කිරීම සඳහාද දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් ස්‌ථාපිත කරන ලද ගණන් කිරීමේ මධ්‍යස්‌ථාන 17 ක්‌ තුළ එවැනි ගණන් කිරීමේ ශාලා 1070 ක්‌ම පිහිටුවා තිබිණි.

මැතිවරණයේදී ඡන්දය දී තිබූ මුළු ඡන්දදායකයින් ගණන 62,93,929 දෙනෙකි. එය ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 72.97% ක ප්‍රතිශතයකි. පුංචි ඡන්දයක්‌ වූ මෙහිදී එදා ඡන්දය දුන් එම සංඛ්‍යාව බෙහෙවින්ම ප්‍රශස්‌ත මට්‌ටමක විය. 1991 – 2011 දක්‌වා සමානුපාතික ක්‍රමයට පැවති සියලුම පළාත් පාලන මැතිවරණ අතුරින් වාර්තාවූ ඉහළම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයද මෙයයි. එම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන්ද 588,939 ක්‌ හෙවත් 9.36% ක්‌ තරම් ඉහළ සැලකිය යුතු ප්‍රතිශතයක්‌ ප්‍රතික්‌ෂේප වී තිබුණේ සමානුපාතික නව මාදිලියට මුලින්ම පැවති මේ පළාත් පාලන මැතිවරණය ජනතාවට නුහුරු, නුපුරුදු ආගන්තුක ක්‍රමයක්‌ වූ නිසාය. ඒ අනුව වලංගු ඡන්ද ප්‍රමාණය වූයේ 57,04,990 කි. එහි ප්‍රතිශතය 90.64% කි.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here