ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ ගෝත්‍රික නායකයෙක් – තරුෂි නවංජනා ලියනාච්චි

0
230

“කාන්තාවන්ට බාර් වලට ගිහිල්ලා අරක්කු බෝතල් මිලට ගන්න නොහැකියි කියලා නීතියක් තිබුණය ඒ නීතිය ඉවත් කළාය කියලා මට දැනගන්න ලැබුණා. මුදල් ඇමති මංගල සමරවීර මහතාට මම කතා කරා.. ඒ මහතා දවස් තුනක් ඉන්දියාවෙ..මම අපේ අගමැතිතුමාට ඊයෙ රෑ කතා කළා.. ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙකුට කතා කළා.. මම කිව්වා නිකුත් කරපු අලුත් චක්‍රලේඛය වහාම ඉවත්කර ගත යුතුයි වහාම අවලංගු කළ යුතුයි කියලා..හෙට සිට ඒ චක්‍රෙල්කය අහෝසියි.. අවලංගුයි..” –
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති විසින් ඊයේ(14) සිදුකරනු ලැබු ප්‍රකාශයයි ඉහත සඳහන් වනුයේ..ඊනියා ශිෂ්ඨ පිරිමින්ගේ ආතල් කුඩු වෙන නව චක්‍රලේකය සම්බන්ධයෙන් අපි පෙර ද කතිකාවතක යෙදුනෙමු..පුදුමය එම සටහනට සාක්ෂි සපයමින් එරට නායකයාගේ මුවින් ඉහත ප්‍රකාශය පිටවීමයි.. පිරිමින් අඩි ගසා ගන්නා ආතල් එක හෝ මොනවා හෝ බම්බුව ගෑණුන්ට තහනම් වන්නේ ඇයි? කටගොන්නක් බීගෙන ගෑණුන්ට පාට් දාන පිරිමින්ගේ පොරත්වය පිළිබඳ තෘෂ්ණාවක් හෝ එම පොරත්වය තමාට ආරෝපණය කර ගැනීමේ ආශාවක් ගෑණුන්ට නැති බව ද ඉහත ශිෂ්ඨ පිරිමින්ට කිව යුතුය..

නුඹලාගේ අහවල් නීතිය ගෑණුන්ට පමණක් අදාළ කළ විට මට නම් සිතෙන්නේ මෙය බහුජ්ජත්වය රෙද්ද පල්ලෙන් බේරුණු සෞදි අරාබියාවක් බවයි.. යට කී රෙද්දෙ නීතිය පිරිමින්ටත් ගෑණුන්ටත් එක සේ අදාළ වන සේ ගෙන ආ එකක් නම් නුඹලාගේ ගෝත්‍රිකභාවය අවම ස්ථරයට පැමිණ ඇතැයි අපි යම් පමණකට සිතන්නට පෙළඹෙන්නෙමු.. ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්තිය සහ සමාජ සංවර්ධනය ඉහළ මට්ටමක තිබියදීත් ලංකාවේ ව්‍යවස්ථාදායක ආයතනවල ස්ත්‍රී නියෝජනය ද අවමය.. මෙවර මැතිවරණ සමයේ ඒ පිළිබඳව සාකච්ඡාවේදී ස්ත්‍රීන්ට අපහාස කරනු ලැබුයේ ද, නිශේධනාත්මක තර්ක ඉදිරිපත් කරනු ලැබුයේ ද මෙවැනි පිරිමින්ය..

නුඹලාට ඇත්තේ වෙනත් මානසික රෝගයකි.. එම රෝගය වහාම සුව කර ගත යුතු බව අප තදින්ම කියා සිටින්නේ එහි පීඩිත පාර්ෂවය ස්ත්‍රීන් වන අප වන නිසාය..තමන්ගෙ ගෑණි එක්ටැම් ගෙයි සිර කොට සියලු මෙහෙකාරකම් ඇය ලවා ඉටු කරවා වෙනත් ගැහැණුන්ට පැණි හලන ඊනියා ශිෂ්ඨකාමීන්ගේ ආතල් එක සුරකිනු වස් ගෝත්‍රික නායකයෙක් සිදු කළ ප්‍රකාශයක් ලෙසයි අප ඉහත මුග්ධ ප්‍රකාශය දෙස බලන්නේ.. ස්ත්‍රීන්ට ඇල්කොහොලින් මත්වීමට අවැසිනම් ඇය එය කරනු ඇති.. නුඹලාගේ කසිකබල් නීති, චක්‍රලේක සෙල්ලම බලා සිටියා ඇතිය..

පිරිමි ගන්නා ආතල් ගෑණුන්ට මොකටද? ගෑණු මොක්කුන්ද? නේද..

- පීඩිත සාක්ෂිකාරි -

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here