ඔලුගෙඩි වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනපතිට – ඇමති ඩිලාන්

0
30

 

මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ආණ්ඩු පෙරලන්න බැරි බවත් නමුත් ඔලු ගෙඩි වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණක් බව  මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා හාලිඇල පැවැති ජන හමුවකදී පවසයි.
“අගමැති පත්කරන්නේත් ඇමතිවරු පත්කරන්නේත් ජනාධිපතිතුමායි. ඒක තේරෙන්නේ නැති යූඑන්පියේ සමහරු සරම ඇඳන් ඔලුවෙන් හිටගෙන කතා කරනවා. එතකොට පේන්නේ මොකක්ද?“ යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

“මහබැංකු මුදල් කොල්ලය තුළ ඒ සොරකම් කළ අර්ථ සාධක අරමුදලින් බහුතරයක් මේ අහිසංක ජනතාවගේ මුදල්; වතුකම්කරුවන්ගේ මුදල්; ඒවා තමයි සොකරම් කරලා තියෙන්නේ. එහෙම බලන කොට මේ ජන්දෙදි යූඑන්පියට ජන්දයක් දෙන්න බැහැ. මොකද ලොකු එකා එහෙම සොරකම් කළාම පොඩි උන් හිතනවා පොඩ්ඩක් හරි හොරකම් කරන්න.“ ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here