දෙනියාය, පල්ලේගම විදුහලට විශේෂ වූ තෑගි බෙදාදීමක්

0
140

දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයට වසරකට වරක් අමුතු පන්නයේ තෑගි බෙදාදීමක් සිදුවේ. අප අසා ඇති පරිදි බොහෝ පාසල්හි තෑගි බෙදා දෙන්නේ ජයග්‍රහණයක් හෝ ගුරු උපහාරයක් හෝ එවැනි ඒක පාර්ශවීය පදනමක් සලකාය. එහෙත් මෙම විද්‍යාලයෙහි ආදි ශිෂයෙකු වන ඉන්දියාවේ රජගහනුවර ශ්‍රී ලංකා වේළුවනාරාමාධිපති පල්ලේගම විජිත හිමියන් විසින් වාර්ෂිකව පවත්වන මෙම පාසල් පොත් බෙදාදීමේ උත්සවයේදී පාසලෙන් විශ්‍රාමගත් ගුරුවරුන් , මේ වන විට පාසලේ අධ්‍යයන කටයුතුවල නිරත ගුරුවන්ට අවශ්‍ය ඇදුම් පැළදුම් ද ලබාදීම විශේෂ කටයුත්තකි.වසර 06ක් පුරා සිදුකරනු ලබන මෙම කටයුත්ත මූලිකද ලෙස පාසලේ සිසුන්ට අවශ්‍ය පොත් පත් හා පාසල් උපකරණ ලබාදෙන අතර විශේෂ දක්ෂතා ඇති සිසුන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීමක්ද වාර්ෂිකව සිදුකරනු ලබයි. තමා අධ්‍යාපනය හදාල විදුහලකට සිසුවෙකු විසින් මෙවැනි පරිත්‍යාග කිරීමක් ලංකාවේ කුමන හෝ ප්‍ර දේශයක සිදුවාද යන්න විවාද පන්න වුවත් මෙය සමස්ත පාසල් පද්ධතියටම ආදර්ශයක් ගෙන දෙන කටයුත්තක් ලෙස බොහෝ දෙමාපියන් හදුන්නු ලබයි. එසේම මෙහි විශේෂත්වයක් ගනුයේ පාසලේ අනධ්‍යයන සේවයන් සදහාද අවශ්‍ය ඇදුම් පැළදුම් ලබාදීමට කටයුතු කිරීමයි.
බොහෝ දෙමාපියන්ගේ මෙන්ම පාසල් විදුහල්පතිවරයා සහ සමස්ත ගුරුවරුන්ගේද විශේෂ ඇගයීමක් නිරත්තරයෙන් මේ හිමියන් වෙත පිරිනමනු ලබන අතර මෙවර මෙම උත්සවය 2018.01.10 දින දෙනියාය පල්ලෙගම මහා විද්‍යාලයේදී පල්ලේගම විජිත හිමියන්ගේ හා ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ සහභාගීත්වයෙන් සිදුවන බව එම විදුහලේ ආචාර්ය මණ්ඩලය දැනුම් දී සිටි.

(ඡායාරූප 2017 වර්ෂයේ ත්‍යාග පිරිනැමීම )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here