නව වසරෙත් සයිටම් සටන්

0
152

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින අර්බුදය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
ලබන සතියේ මෙම විධායක සභා රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය
මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා කමිටුවේ තීන්දු ක්‍රියාත්මක කරමින් සයිටම් ආයතනය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් ලබන මස මුල් සතියේදී යළි විරෝධතාවයකට එළැඹෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක නිමල් ඒකනායක මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here