ඖෂධ මිල වැඩි කිරීම අස්සේ අදිසි හස්තය කුමක්ද ?

0
157

මේ වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඖෂධ වර්ග 91%ක මිල ඉහල ගිය බව ඇමරිකානු financial times පුවත්පත හෙළි කර ඇත. 10% කින්ද හා නැවත 10% ලෙස අවස්ථා දෙකකදී මෙසේ ඖෂධ මිල ගනන් ඉහල දමා ඇත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන ලෙසටයි.
“President Donald Trump has pledged to take action to crack down on high prices earlier this year. Accused pharmaceutical industry getting away with murder”
ඇමරිකාවේ මිල වැඩි කරන්නේ මෙහෙමයි. අපේ අසල්වැසි රට ඉන්දියාවේ වසරක් තුලදී 10% කින් ඖෂධ මිල වැඩි වේ.ඒ ඖෂධ මිල නියාමනය කර තිබියදීය. ඖෂධ මිල ඉන්දියාවේ වැඩි උනාට රජයේ මැදිහත් වීමක් නැත. ඒ ගැන කතා කරන්නට කවුරුත් නැත. ඩොලරයේ වැඩි වීමට සාපේක්ෂව ඖෂධ සමාගම් හිමියෝ තමන්ට අවැසි ලෙස ඖෂධ මිල වැඩි කරති.
හැබැයි ලංකාවේ ඒ සෙල්ලම දමන්නට බැරිය. යටගසා තිබූ සේනක බිබිලේ ප්‍රතිපත්තිය රාජිත අපහු කරලියට ගෙනාවේය. සමාගම් වලට මිල වැඩි කිරීමේ සෙල්ලම දන්නට ලංකාවේ බැරි විය. ඖෂධ වර්ග 48 කිව්වට එය විවිධ වෙළඳ නම් වලින් බැලුවොත් ඖෂධ 400කට වැඩි ප්‍රමාණයක මිල බස්සන්නට රාජිතට පුළුවන් විය. මෙහෙම ගියොත් අපිට හුලං. ඖෂධ සමාගම් ද ගේමට ගේම ඉල්ලුවේය. ඇමරිකාවෙත් වැඩියි, ඉන්දියාවත් ඕනේ විදිහට වැඩි කරන්න පුළුවන්, ලංකාවේ විතරයි වැඩි කරගන්න බැරි. ඩොලරය ඉහළයාම අල්ලලා වැඩි කරගමු. සමාගම් කතා වුනේ එහෙමයි.
හැබැයි ඉන්දියාවේ දාපු ගේම් අතේ පත්තු විය. මිල වැඩි කිරීමක් රජිතාගෙන් ඉල්ලුවේය. රාජිත බෑ කිව්වේය. ඩොලරයේ වැඩි වීම සැලකිල්ලට ගෙන, අධ්‍යනයක් කර යන්තම් සියයට 5ක් වැඩි කරන්නට අවසර දුන්නේය. මේ ඒක උදාහරණයක් පමණි. ඒක ඖෂධ වර්ගයක මිල අඩු කිරීමට ප්‍රථම රු.217 විය. නමුත් රාජිත මිල අඩු කල පසු රු.17.60 දක්වා අඩු විය. මිල වැඩි කිරීමෙන් පසු වැඩි උනේ ශත 85 කිනි. මේ තරම් ඖෂධ මිල පහත හෙලා ඇති රාජිතට මඩ ගහන්නෙත් ඖෂධ සමාගම් වල ඇති බලපෑම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.සමාගම් වලට නැට්ටට තද උනේය. රාජිතය ඉන්නකන් මේක හරි යන්නේ නෑ. රාජිත හිටියොත් අපි ඉවරයි. මේ යකා පන්නන්න ඕනේ. ඖෂධ සමාගම් ගේමට බැස්සේය. වටේ පිට ඔවුන්ට කඩේ යන ඉත්තන් සොයන්නට විය. ඔවුන්ගේ සල්ලි පිල්ලි වලට සමහරු අසු විය. රාජිතට මඩගහන්න ගත්තේ ඔන්න ඔතනින්ය. රාජිත මිල අඩු කරපු ඒක highlight කරන්න එපා, මිල 5%කින් වැඩි කරපු එකම කියන්න. මිනිහට මිනිස්සු මාර විදිහට හොඳ කියනවා ඖෂධ මිල බස්සපු එකට. රාජිතට ගැහුවොත් ආණ්ඩුව වට්ටන්න පුළුවන්. විපක්ෂයට සමාගම් දීපු ලණුව එය විය. ලණුව ගිලල රාජිතට ගහන්න පටන් ගත්තේ ජනතාවට ලැබුණු සහනය ගැන නොසිතාම බලකාමයට, සල්ලි වලට ගිජු වෙලාය. අපේ ශ්‍රී ලාංකිකයන්ට දේවල් මතක සතියක් බව කිව්වේ ප්‍රභාකරන්ය. පුරා අවුරුද්දකට වඩා ඖෂධ මිල අඩු කර තබාගෙන ජනතාවට සහන දීපු රාජිතව සල්ලි වලට අපේ උන් අමතක කලේ මෙහෙම ය. කල යුත්තේ අමතක කිරීම නොවේ. ජනතාවට සහනයක් දෙන මනුස්සයාව මනුෂ්‍යත්වයෙන් බලා කියා ගැනීම ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here