31 පසු GSP සහනය අහෝසි කරයි

0
124

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපැවැත්වූ ජී.එස්.පී තීරු බදු වැඩසටහන මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් වන බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ ඒ අනුව ලබන ජනවාරි පළමු වැනිදා සිට ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට සිදු කරන අපනයනයන් ද වරණිය නොවන තීරුබදු වලට යටත් වන බවයි.

ජී.එස්.පී තීරු බදු සහන වැඩසටහන අවසන් කෙරෙන්නේ එක්සත් ජනපද කොංග්‍රසය මඟින් එය දීර්ඝ කිරීම අනුමත නොකිරීම හේතුවෙන් නිසා බව ද එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකාවට ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක භාණ්ඩ අපනයනය කළහ. එය ශ්‍රී ලංකාවේ මුළු අපනයනකරුවන්ගෙන් සියයට 28ක ප්‍රතිශතයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here