පාට්නර් – 3

0
201

ඔබ මාහා කොටස් දෙකකින් රැදී සිටියා…ඇත්තටම නවකතාවක් කොටස් ගානකින් පලකරන එක ලේසි කාර්‍යක් නොවන බව මට වැටහුනේ පිටුවෙන් පිටුව අකුරු අමුනද්දියි….ඔබගේ අවධානය මින් ගිලිහී යා නම් මගේ මහන්සිය අපතේ යාවි…මේ කථාව ඇත්ත්ටම වැඩක් නෑ කියා හැඟේ නම් මට නතරවෙන්ඩ කියා කියන්ඩ

…..”කොහොමද ඉලන්දාරි…”
තාත්ත අපි දිහෑ බලාගනම ඇවිත් අපෙන් ප්‍රශ්න කරමින්ම් වාඩි වුනා අපි අසලින්ම….තාත්ත එක්ක මුන් හරි එකතුයි..

…”අවුලක් නෑ අන්කල්..”..භාෂණගෙ පර්ස් එක තියනතුරු අපි සැපෙන්..”
….අපූරුයි ඉලන්දාරි මොකෝ නිකම්ම ඉන්ඩද කල්පනාව..”අම්ම තාත්තගෙ හය්ය හැමදාම නෑනෙ පුතාල ඔයාල මොකක් හරි කරන්ඩ හිතානද ඉන්නෙ
කියන්ඩකො මොනාද ඔයාලගෙ ප්ලෑන් කියල….මොනව හරි ජොබ් වලට ඇප්ලයි කරල තියනවද…….?

…”තාම නෑ අන්කල්…මොකුත්ම අයිඩියාස් නෑ…එක දිගටම ස්ටඩීස් කල නිසා ටිකක් ෆී ටයිම් එකක් තමා මේ…ටිකක් ඔලුව නිදහසින් ඉන්නෙ….ඇයි අන්කල්…

සියල්ලේ දැනමුත්තා සමිත් පිලිතුරු බැන්දෙ අපි සේරටම..

…”ඒක හරි මගේ පොඩි අයිඩියා එකක් තියනව.ඔයාල කැමති නම් එකතු වෙලා කරන්ඩ..”

“..මොකක්ද අන්කල්…”
නඳුන් සඳුන් දැන් තාත්තගෙ කර උඩ
…”මේ සඳුන් ටිකක් මෙහාට වෙයන් අන්කල්ගෙ හුස්ම හිරවෙයි..”
සමිත තාත්තගෙ අයිතිය අරන්…යකෝ දැන් මම කවුද…

“..කියන්ඩ අන්කල් අපිත් ඉන්නෙ තාම අයිඩියාස් නැති බ්ලෑන්ක් කාලෙක.දෙන්ඩකො නිකම් සුපර් අයිඩියා එකක්..”

තාත්තත් ඉතින් අපි ගොඩේ ඉන්නකොට කොල්ලෙක් තමයි…අති ප්‍රසිද්ධ ඉඩම් හිමි ව්‍යාපාරික භාතිය වික්‍රමභාහු නෙමෙයිනෙ.

…”ඔයාල දන්නවනෙ අපේ නුවරඑළිය එස්ටේට් එක.මේ දවස් වල එහෙ ටිකක් ප්‍රශ්නලු… පුලුවන්ද කට්ටියට ටික කාලයක් ඒක බාර අරගන අවුල් වියවුල් ටික හදා දෙන්ඩ…භාෂණත් දැන් නිකම් හිටිය හොදටම ඇති..”

” සුපර් අයිඩියා අන්කල්..ඒත් ඉතින් අපේ ගෙවල්වලින් අපිව නිදහස් කරයිද ?

“ඒ ගැන මම බලාගන්නම්.කොහොමත් ඔයාලගෙ පේරන්ට්ස්ල එක්ක මම මේ ගැන ටිකක් කථා කලා.ඔයාල දැන් වගකීම් ගන්න වයස පැනල .දැන්වත් ටිකක් සීරියස් වෙන්ඩ….

එන් අයි බී එම් බිස්නස් මැනෙජ්මන්ට් ඩිග්‍රිය කරල අවසන් විභාගයට මූණදීල අපි හිටියෙ…හෙට අනිද්දට රිසාල්ට් ඒවි..එතකොට අපිට ජොබ් ෂුවර්…නැතත් ජොබ් කරන්ඩ අපි නොගිය එකයි තිබුනෙ.නරකම නෑ තාත්තගෙ යෝජනාව…ටිකක් කූල් වෙන්ඩත් එක්ක..

“…ඉතින් මචංල යාද…
“.යා..මිසක් බං අපි බෑ කියා තියනවද උඹේ වචනෙකට..උඹ කිවුවොත් අපි කූල් නෙමේ හොට් හරි ඕකේ…හරිද මචං..”

කට්ටියම කැමති වුනා වැඩේට.තාත්ත ගෙවල්වලින් අවසර අරන් දෙයි.නංගා ඔරෙන්ජ් ජූෂ් එක්ක කේක් ගෙනත්

..”නංගා කවුද කේක් හැදුවෙ ඔයාද වාසනාද”
සමිතටත් ඉතින් නිකම් ඉන්ඩ බෑනෙ ඌට නංගාව ඇවිස්සුවෙ නැත්නම් කන දෙයක් දිරවන් නෑ.

“නෑ සමිතය්යා පෙරේර හැදුවෙ. කන්ඩකො රසනම් තව තියනව..”
ජේක් කෑලි දෙක තුන උන්ගෙ බඩට ගියෙ අලි දිවුල් ගිලිනව වගේ
“තව තියනවනම් ගේන්ඩ නංගා…මාර බඩගින්නක් තිබුනෙ..”
” ඇයි බං දවස් තුනකට ඇති කියල නේද උඹ තෝසෙ කඩෙන් නැගිට්ටෙ..”
නඳුන් අහන්නෙ මගෙන්ද සමිත්ගෙන්ද…
” වැඩක් නෑ බං ඌට තියෙන්නෙ කපුටු ගින්නක්…නංගා ….එලඟිතෙල් තියනවනම් ගේන්ඩෝ….
” ….ඇයි අය්යා එලඟිතෙල්..”
නංගා කුස්සියෙ තිබුන එලඟිතෙල් බෝතලෙත් උස්සන් එනව
.
“අනේ සුදු නංගා මේ සමිතයියට ඔය එලඟිතෙල්දාල කේක් කෑල්ලක් දෙන්ඩකො”
” මෝඩි අරන් යනව ඔය කෙහෙල්මල…නඳුන උඹ හිතුවද මම තමිල්නාඩු කියල එලඟිතෙල් දාල කන්ඩ”
“…නෑ..නෑ ..බං උඹ අහල නැද්ද කපුටගෙ ගින්න නැති වෙන්ඩ පාංකඩ එලඟිතෙලෙන් තෙමල උන්ට දෙනවලු…එහෙම දුන්නම පින් සිද්ද වෙනවලු ඉස්සර අපේ ආච්චි ඔහොම කිවුව මතකයි මට.මං බැලුවෙ ඉතින් අපේ නංගට පින් ටිකක් අරන්දෙන්ඩයි….

“..අනේ අය්යා ඔයාලනම් හරිම හරි…වැඩක් නෑ කියල බූරු අය්යල…ෂික් විතරක් මම මේකත් උස්සන් ආවනෙ…

ඇත්තටම ජීවිතයේ සතුට වින්දනීය බව උපරිමයෙන් විදින යවුවනය තරම් මිහිරියාවක් කවදාවත් ජීවන ගමන්මගේදී හමුනොවන බව සත්‍යක් යැයි මට හැඟුනි.භාෂණ ප්‍රභාෂ්වර වික්‍රමභාහු ඒ වින්දනීය බව විදිමින් ජීවත් වන බවත් ඒ විදිමින් ජීවත් වෙන්නන් අතරට මගේම පවුල වන් මිතුරන් තිදෙනෙකු ලැබීමත් කොතරම් නම් භාග්‍යක්ද…

” පුතාල ටිකක් රෙස්‍ට් කරන්ඩකො.මම වොෂ් එකක් දාගන එන්නනම්..ඊට පස්සෙ මම ඔයාලට වුස්තර ටික දෙන්නම්කො..

භාතිය වික්‍රමභාහු සිය පරිනත ජීවිතයෙන් ලද සියලු අභියෝග හමුවේ නොසැලුන චරිතයක්.ජීවිතයේ සියලු පරාජයන් නොසැලී දරා ගත්තෙක්…මිහිරි වින්ද්‍යා ජීවන සහකාරිය වූ දා පටන් ඔහු ලද පරාජයන් කොතෙක්දැයි ඔහුටද සිතාගත නොහැකි තරම්.
අතීතයේ මතක කප්පරක ඔහු ලද අයිතිය භාෂණ ප්‍රභාෂ්වර වික්‍රමභාහු හා රිද්මිකා ප්‍ර්භාෂ්වරී වික්‍රමභාහු නම් පුතනුවන් හා දියණියන්‍ ය..සිතාගත නොහැකි මොහොතක මිහිරි වින්ද්‍යා නම් සිය සිඳුරු බිරිඳ ඔහු හැරගිය දුක උපේක්ෂාවෙන් දරාගන්ඩ හැකි දිරිය මනසක් භාතිය වික්‍රමභාහුට තිබීම භාෂණගේත් රිද්මිකාගේත් වාසනාවක්ම විය.සිය විසල් වතු යායවල් වල මායිම් දිග පලල කොතෙක්දැයි නිනව්වක් ඔහුටත් නිවූයේ මිහිරිගෙන් හිස් වූ ජීවිතයේ අඩුව නොනවතින ව්‍යාපාරික ජාලයක ඔඅටලවා ඔහු ජීවිත අඩුව පුරවාගත් බැවිනි.

භාෂණට අවුරුදු අටත් රිද්මිකාට අවුරුදු හයත් සපිරුනු පසු මිහිරිගේ නික්ම යාම භාතියට විසදා ගත නොහැකි ගැටළුවක සිත පැටලූවත් එතෙක් ඔහුගේත් මිහිරිගේත් නොහොද නෝක්කඩුවකින් තොර සාමකාමී පවුල් ජීවිතයෙන් සමුගෙන වෙනත් කෙනෙකුගෙන් ජීවිත අඩුව පුරවාගත් මිහිරි පිලිබද අමිහිරි මතකය ඔහු සෙමින් පිසදා දැමුවේ සොඳුරු දරු පෙමින් සිත පුරවාගත් දයාබර පියෙකු වීමේ භාග්‍ය ඔහුට හිමිව තිබූ බැවිනි..
දසවසරක විවාහදිවියෙන් ලත් දායාදය මත ජීවිතය සතපා සියලු දුක්ක දෝමනස්සයන් වියාපාරික දිවියට මුක්කුවක් කොට ගත් භාතිය වික්‍රමභාහු අද සැබවින්ම ජීවිතය ජයගත් පියෙකු වීමේ අභිමානය හිත පුරාම සමරයි…

….මව පිලිබද මතක සැමරුම් පිලිබද චායාවන් ඇදී මැකී නොපෙනී නොපෙනීම ගිය වග පමනක් භාෂණට මතකය…රිද්මිකාගේ මතකයේ නම් මව පිලිබද ශේෂ වූ සිහිවටනයක්වත් නැතැයි සිතෙන්නේ සෑම විටම සුමනම්මා ඇගේ මව සේ සැලකූ බැවිනි….භාෂණගේත් රිද්මිකාගේත් සැබෑ මබ සේම සමහරක් විට ඊටත් වඩා සෙ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here