චීන ජාතිකයන් සිය දෙනකු යුග දිවියට පිවිසි මංගලෝත්වසයක් අද කොළඹ මහ නගර සභා පරිශ්රයේදී පැවැත්විණ.
ශ්රී ලංකාවේ සම්ප්රදායන්ට අනුව මෙම විවාහ මංගලෝත්සවය සංවිධානය කරනු ලබන්නේ ශ්රී ලංකා – චීන රාජ්ය තාන්ත්රික සබඳතාවලට වසර 60 ක් පිරීම නිමිත්තෙනි.
සංචාරක අමාත්යංශය, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්යංශය, කොළඹ චීන තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු ආයතන රැසක මෙහෙයවීමෙන් මෙම මංගලෝත්සවය සංවිධානය කර තිබේ.
මේ වන විට ශ්රී ලංකාවේ ක්රියාත්මකව පවතින චීන ආයෝජන සහ ඉදිකිරීම් රැසක් සඳහා චීන ජාතිකයෝ විශාල පිරිසක් ශ්රී ලංකාවට පැමිණ සිටිති. චීන ජාතිකයන් වෙනුවෙන්ම පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල් සහ අවන්හල් රැසක්ද කොළඹ නගරයේ තැනින් තැන දක්නට ලැබේ.















