මහඋල්පතගම – මාලු පාන් හා ෂැන්ග්‍රිලා

0
311

ෂන්ග්‍රීලා හෝටලයේ රුපියල් තුන්සීයකට මාළුපාන් එකක් විකිණීම බුකිය කැළඹෙන සුළු මාතෘකාවක් වී ඇත. මෙය ජෙහාන් ප්‍රනාන්දු විසින් ප්‍රියන්ත මහඋල්පතගම යොදවා ශාක්‍ය හෝල්ඩින් එකේ පරිපාලන නිලධාරීන් රට සවාරියක් ගියා යයි කම්කරු සහ සාමාන්‍ය සේවකයන් අතර කතන්දරයක් හදා කොම්පැනියේ වැඩකරන මිනිසුන්ගේ මුදලින් නිලධාරීන් රටසවාරි ගියා යයි තර්කයක් ගොඩ නගා කඩාකප්පල්කාරී ක්‍රියාවකට මනස යොමු කළා වැනි ගොබ්බ වැඩකි. කූම්බියෝ නාට්‍යයේ නම් මෙය කරන්නේ ජෙහාන් ට ලැබී ඇති කොන්ත්රාතුවකට අනුවව. නමුත් ශන්ග්රිලා මාළුපාන් පුවත එසේ කිසිදු ජෙහාන් කෙනෙකුගෙන් තොරව අපේ මහුල්පතගම ලා විසින් තමන් විසින්ම හදා ගත් තර්කයකි.
ලංකාවේ සාමන්‍ය තේ කඩේක මාළුපාන් ගෙඩියක් රුපියල් 50ක් පමණ වන බව අපේ මහඋල්පතගම ලා හොඳින් දනිති. එහෙම මහඋල්පතගම කෙනෙක් කෙසේ හෝ ශන්ග්රිලා හෝටලයේ මාළුපාන් එකක් කා බිලක් ෆොටෝ ගසාගෙන ඇත. ප්රියන්තයා මේ දවස් වල කරන්නේ යන යන තැන ෆොටෝ ගැනීම නිසා මෙය පුරුද්දට කල එකක් වන්නට ඇත. නමුත් මේ ඡායාරුපය බුකිය කළඹා ඇත. එහි සඳහන් බදු ගැන නම් කතා කලාට කමක් නැත.
නමුත් මරදානේ හෝ කොහේ හෝ බේකරියක හෝ තේ කඩේක රුපියල් 50 ට විකුණන මාළු පාන් එකක් සමග සන්සන්ධනය කිරීම නම් විහිළුවකි. ශාන්ග්රීලා යනු තරු පහේ ජාත්‍යන්තර ප්‍රමිතියකට ගොඩනගන ලද සංචාරක හෝටලයකි. එහි කාමරයක එක රැයක මිල ඩොලර් දෙසීයක් (රුපියල් තිස් දහසක් ) පමණ වන සුඛෝපබෝගී හෝටලයකි. එහි අන්තර්ජාතික ප්‍රමිතියේ සුපවේදීන් විසින් සුඛෝපභෝගී මුළුතැන් ගෙයක හෝ ඉන්හවුස් බේකරියක නිපදවා පළපුරුදු ප්‍රොෆෙෂනල් ස්ටුවර්ඩ්ලා විසින් සුවපහසු ආපන ශාලාවක වායුසමීකරණ ආලෝක මධ්‍යයේ පිරිනමන මාළුපාන් එකක්
මරදාන තේ කඩේක බක්කරේ කෙනෙක් විසින් හදා කිළුටු කමිසයකින් සැරසී සුදුයකඩ පිගනකට ගෙනවිත් දෙන පාලුපාන් එකක් හා සන්සන්ධනය කල නොහැක. තේ කඩේ ඇත පිහදාන්නට ඇත්තේ බොහෝදුරට පත්තර කඩදාසිය. නමුත් ශාන්ග්රිලා එකේ මාළුපාන් එක කන්නටත් පේපර් සර්වියට් සමග හැඳි ගෑරප්පු සෙරමික් තසිම් ආදී සේවා සියල්ල විනීත සේවාවක් සමගින් සැපයේ. හොටයේ මාළු පාන්පිටි මිලදී ගන්න තැන සිට සිකියුරිටි සේවකයන්, සුපවේදීන්, මැනේජර්ලා, එකවුන්ටන්ට්ල, සනීපාරක්ෂක සේවකයා සිට දහස් ගණනක් මේ මාළුපාන් ගෙඩිය මේසයට ගෙනවිත් දෙන යාන්ත්‍රණයට වක්‍රාකාරයෙන් හෝ සෘජුව හවුල් වී වැටුප් හෝ දීමනා ලබති. එසේම බිලේ සඳහන් සියලු බදු වැට් බද්ද, ජාතිය ගොඩ නැගීමේ බද්ද , ටුවරිසම් දිවලොප්මෙන්ට් බද්ද, සේවා ගාස්තු ආදී සියල්ල මේ බිලේ සඳහන් දේ රජයටත් සේවකයන්ටත් නිසියාකාර විගණනයකින් ගිණුම්කරණයක් හරහා ලැබේ.
මරියකඩේ හෝ පිටකොටුවේ තේ කඩේ රුපියල් පණහේ මාළුපාන් ගෙඩියෙදී එසේ මහා බැක් එන්ඩ් යාන්ත්‍රණයක් නැත.
කෙසේවෙතත් දවසට ඩොලර් දෙසීයක් ගෙවන්නට ශන්ග්රිලා එකට එන සැබෑ
සංචරකයාට රුපියල් තුන්සීය යනු ඩොලර් දෙකකි. (2 US$)

නමුත් මරියකඩේ රුපියල් පනහට මාළුපාන් කන පත්තර කඩදාසියෙන් අතපිහදා එතනම බිම දමන මහඋල්පතගම ලාට මැජික් එකකි.

ශන්ගරිලා ලංකාවට ආවාට අපේ මහඋල්පතගමලා ශාන්ග්රිලා යායුතු නැත. යන අය ගොස් වියදම් කලාට මහඋල්පතගමලා කලබල විය යුතු නැත.
පුලුවන්නම් ලස්සන පිරිසිදු ආපන ශාලාවක් ලංකාවේ හදා අඩු ගානේ රුපියල් 150ටවත් විදේශිකයෙකුට විකුනන්න පුළුවන් වාතාවරණයක් මහඋල්පතගමලා නිර්මාණය කරගත යුතුය.
තවමත් මේ ගැන හිතන්නට ඉගෙන ගන්නට කැමති නැත්නම් චූන් පාන් කරත්තයක රුපියල් 50 මාළුපාන් ටිකක් ගෙනවිත් ගෝල්ෆේස් එක ඉදිරිපිට නවතා ශන්ගරිලා එකෙන් එලියට බහින සුද්දන්ටරුපියල් 50ට විකිණීමට උත්සහ කර බැලිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here