Doctor ශානක සහ artist ශානක.

0
223

ශානක රැකියාවෙන් වෛද්‍යවරයක්. ඒත් ගොඩක් අය දන්නෙ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඇයි එහෙම වෙන්නෙ ? . ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තිබෙන අනන්‍යතාවය විසින් ඔහුට හදන තැන පිළිබඳ අදහස. ශානක තව විදියකට mark වෙන තැන තමයි; චිත්‍ර කලාව සම්බන්ධ ගොඩක් අයට තිබෙන උපාධි කඩදාසිය නැතුවත් එය තිබෙන අයට වඩා චිත්‍රයේ හතර සීමාව පිළිබඳ තාක්ෂණික අදහස් සහ පරිකල්පනීය අදහස් ලස්සනට විසඳා ගැනීමට ඇති හැකියාව . පුද්ගලිකව මම විශ්වාස කරන්නෙ නෑ උපාධිය තිබෙන හැමෝටම මේ වැඩේ අහුවෙනවා කියලා සහ මේ වැඩේ අහුවෙන හැමෝටම උපාධිය තියනවා කියලා. ඒක ශානක මේ මොහොතේ ඔප්පු කරමින් ඉන්නවා. ඒක කුහක නොවී, අපි හැමෝටම පිළිගන්න වෙනවා.

සාමාන්‍යයෙන් academic කිව්වම මුලින්ම එන අදහස තමයි oil on canvas සහ figurative කියන එක. ශානක තාමත් ඒ academic base එකට කැමතියි සහ එහි තිබෙන අපූර්වත්වයන් කලබලයකින් තොරව ලස්සනට play කරනවා. ඒ විනය ඔහුට තිබෙනවා කියලා මම හිතනවා; ඇකඩමියාව තුළ අවුරුදු ගානක් හිටපු අයට වඩා.
චන්ද්‍රගුප්ත තේනුවර සර්ගෙන් ශානකට යම්කිසි මූලික පුහුණුවක් ලැබෙනවා විභවි යන මුල්කාලයේ. එයත් ශානකට බලපානවා මේ තරම් ලස්සනට oil colour එකත් එක්ක වැඩ කරන්න. තේනුවර සර් නිසා ඒ විනය මා ඇතුළු තව බොහෝ අයට බලපෑවා කියලා මම විශ්වාස කරනවා.

Image may contain: 4 people, people smiling, indoor

ශානකගෙ චිත්‍ර සමකාලීන( contemporary ) යැයි කියන ජනප්‍රිය අර්ථයෙන් කියවා ගැනීමට එක එල්ලේ හැකියාවක් නැතත් සමහර තේමාවන්හි සමකාලීනත්වය නැතැයි කියා කියන්නටද බැරිය.ඒ වගේම conceptual art වල වර්ගීකරණයටද සෘජු සම්බන්ධයක් නැති වුවද ඒ ලක්ෂණ සමහර තැන්වල පෙනෙන්නට තිබෙනවා. වැලි ඔරලෝසු අතේ තබාගෙන ඉන්න ළමයා සිටින චිත්‍රයේ මෙම මොහොතේ සමාජය ( සමකාලීන) කියවාගන්න යම්කිසි බලපෑමක් කරනවා මම හිතන්නෙ. Oil colour එකෙන් human figure එක මුල්කරගෙන චිත්‍ර අඳින ශානක සංරචනය ගැන මූලික කොන්දේසි උල්ලංඝණය කරන්නේ නැතුව ඒකට ගොඩක් වෙහෙසෙනවා. තනි figure එකක් අවකාශයක සංරචනය කරන එක ටිකක් වෙහෙසකර වැඩක්. ශානක එය විසඳගන්නෙ ලොකු practice එකක් ඇතුළෙ. ඒ තමයි ශානකගෙ චිත්‍රයේ තාක්ෂණික කාරණා ජයගන්නා විදිය. සාමාන්‍යයෙන් මෑතකාලීන ලංකාවේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පියෙකුටත් මග ඇරෙන තැනක් ශානක අල්ලගන්නවා. ඒතමයි ආදර්ශ රූප ( modle ) භාවිතයට ගැනීම . ඒක චිත්‍ර ශිල්පියෙකුට එක දිගට practice කරන්න අමාරුයි අපේ වගේ රටක. ශානක එයත් තමන්ගේ චිත්‍රයෙ දේශයට ලස්සනට ගෙනවිත් figurative paintings වලට බරක් ගෙනල්ලා දෙනවා.

Image may contain: 1 person, standing

අප කොතෙක් කතා කීවත් වචන සහ ක්‍රියාව අතර සම්බන්ධය කැන්වසය තුළ ලිහා ගැනීමට අසමත්නම් එය දෘශ්‍ය කලා ශිල්පීන් හැටියට අපගේ විනය සහ පුහුණුව සම්බන්ධ ගැටළුක්. ශානක කැන්වසය තුළ ගොඩනඟන දෘශ්‍ය සාක්ෂරතාවය ( visual literacy ) හරි පොහොසත්‍ .
සාමාන්‍යයෙන් මම විශ්වාස කරන දෙයක් තමයි එක විෂයක් තවත් විෂයකින් පෝෂණය වන බව. ඒක ශානකට අනුවත් ඇත්ත වෙන කාරණයක්. ශානක doctor කෙනෙක් නිසාම මිනිස් විෂය සම්බන්ධව touch කරන විදිය අපට වඩා වෙනස්. Human body එකේ භෞතික හා මානසික සූක්ෂමතාවයන් ඔහු විද්‍යාව ආභාසයෙන් තේරුම් ගන්නවා. අධ්‍යයනයක් හැටියට මිනිස් සිරුරේ කායච්ජේදනය ශිෂ්‍ය අවධියේ දී ඉගෙන ගන්නවා. මෙන්න මේ විද්‍යාව තමයි ශානකගේ චිත්‍රයේ human figure එක එක්ක වැඩ කරද්දී ඔහුගෙන් ගොඩක් දුරට වෙන්කළ නොහැකි සම්බන්ධයක් ලෙස අපට මුණ ගැසෙන්නේ. චිත්‍රය කියන්නේ මේ මොහොතේ විවිධ ෂාණරයන් ඔස්සේ කියවා ගත හැකි දෙයක් බවට පත්ව තිබියදීත් ශානක තාමත් තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටිමින් කැන්වසයේ හතර සීමාව ග්‍රහණය කරගෙන ඉන්නවා.

ප්‍රගීත් රත්නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here