ආපදාවට ලක්වූවන් සංඛ්‍යාවේ වැඩිවීමක්

0
72

දිස්ත්‍රික්ක කිහිපයක තද සුළං හේතුවෙන් ආපදාවට ලක් වු ප්‍රමාණය 20,000කට ආසන්න බව බව ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කොළඹ සිට හම්බන්තොට කලාපය, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන මෙයට ඇතුළත් වන බවද කොඩිපිලි මහතා කියා සිටියි.

මේ වනවිට පුද්ගලයින් 07ක් මිය ගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වන බවද ඔහු සඳහන් කරයි.

නිවාස පූර්ණ හානි 202ක් හා අර්ධ හානි නිවාස 3000කට අධික පමණයක් වාර්තා වෙන අතර සියලු දෙනා වෙනුවෙන් සහන සැළසීම මේ වනවිටත් අඛණ්ඩව සිදුවන බවද කොඩිප්පිලි මහතා පවසයි.

ඒ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු සංවිධානය කර තිබේ.

පුද්ගලයින් 1036ක ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර මෙම සියලු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහය නොමඳව හිමි වෙන බවද කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here