පාර්ට්නර් – අංක 01

0
250

සිහින් සරින් ගීතයක් ගයමින් අතරැඳි හෙල්මටය හුසට දමාගත් භාෂන හුරුපුරුදු ධාවකයෙකුගේ බුහුටි කමින් බයික් එක රවුමක් කරකවල ගෙමුදුලෙන් හරවා ගත්ත අපූරුවට..
…..දඩං හඩින් අපූරු මල්පෝච්චියක් රෝල්වෙලා ගියා ලස්සනට ඔපමට්ටම් තණපියලි ගොන්නට.රොඉසපොකුරක් පෙතිහැලී තණපිඩලි මත සිත්තම් රටාවක් මැව්ව.
…..බූරුව කැඩුව නේද අදත් පෝච්චියක්…
…….සොරි නංගා එද්දි රෝස පැලයක් අරන් එන්නම්..තරහගන්ඩ එපා ලස්සන මූණ කැතවෙයි…
…..අපරාදෙ යනවය්යා යන්ඩ..තමුසෙ නන් කැතම කැත රිලවෙක්.ඉන්නවකො තාත්ති එනකම්..ඉල්ලල දෙන්ඩ තමුසෙට සූකිරි…සුමනම්මා…..සුමනම්මා….එන්ඩකි ටිකක් ඉක්මනට…

….මගෙ චූටි නංගා යනවා බායි…

…..හැමදාම වගේ භාෂනගෙ හුටු හුටුවෙ සද්දෙට චූටි බේබිගෙ සද්දෙ හුරු සුමනම්ම පුරුදු විදිහට දුවගන ඇවිත් පෝච්චි කටු ඇහින්ද.

….බලන්ඩ සුමනම්ම අය්ය බූරුව හැමදාම මගෙ පෝච්චි කඩනවනෙ…අද ආදෙන්කො අරිනව මම ඔය හුටු හුටුවෙ හුලං…

භාෂනට හැමදාම බැන්නත් කවදාවත් රිද්මි බේබි එච්චර නපුරු වෙන් නෑ කියල සුමනම්ම දන්නව.මේ විසල් මාළිගාව පුරාම හැමදාම මේ අය්යල නගාලගෙ දබර සුමනම්මට හොදට හුරුයි…අපරාදෙ රෝස පැලේ කියල නොහිතුනා නෙමේ සුමනම්මට…හිමින් සැරේ පැලේ තැලුන පොඩිවුන පස් තැවරුන තැන් පිහදාල ආපහු අළුත් පෝච්චියක පැලේ හිටවන්ඩ රිද්මි උදව් වුනා සුමනම්මට.

ගේට්ටුවෙන් පිටවුන භාෂනගෙ හුටු හුටුව නතර වුනේ සමිතලගෙ ගේ දොරකඩ නෙමෙයි හරියටම සමිතගෙ කාමරේ ජනේලෙ ලඟ හුටු හුටු සද්දෙට එකතු වුන සංගීතාත්මක හෝන් එක වාදනය වුනේ නොනවත්වාම..
……කැඩෙන සරම අතින් එල්ලගන දොරෙන් මතුවුන යවුවනයට ඉස්පොල්ලෙ යන තරහක් තිබුනත් අතට අහුවෙන හරියෙ දොර පොල්ලක්වත් තිබුනෙ නෑ..
……..යකෝ තොට නින්ද යන් නැති ලෙඩක් තියනවනම් බේතක් බීපිය.මේ පාන්දර මගෙ ස්වීට් ඩ්‍රීම් නින්ද කඩන් නැතුව…

…..ඈ බොල සමිතයො පාන්දර කොහෙද බොල..අර ඉර මුදුනෙ කියල උඹට පේන් නැද්ද….

…..ආ ඇත්තද..මම දැක්කෙ නෑනෙ පොල් බූරුවො මට රෑ පටන් ගන්බෙ දොලහමාරට…එතකොට බලපන් දැන් තාම පාන්දරනෙ…

….හරි හරි නිදි කුමාරයො සොරි යමන් පොඩි ගමනක්…
…අනේ භීෂනයො උඹට කොහෙන්ද පොඩි ගමන් මෙලහකට ගුටි අහුරක් කන මරාලයක් වෙන්ඩ ඇති..උඹ පලයන් මට බෑ…

එහෙම කිවුවට සමිතය සරම ඇඳගන තුවාය කර වටේ දාහන වොෂ් රූම් එකට රිංගුව.

….හදිස්සියක් නෑ මචං උඹ හිමිහිට වොෂ් කරගනින්.කොහොමත් සමිත එලිටට එන්ඩ තව පැයක්වත් යනව ඌ ඒතරම් ඉක්මන් නිකම් කෑ ගහල මහන්සි වෙන්ඩ ඕන් නෑනෙ භාෂන සමිතගෙ ඇඳට නැගල හොද නින්දක් දැම්න.

භාෂන ප්‍රභාෂ්වර වික්‍රමභාහු කෝටිපති ව්‍යාපාරික භාතිය වික්‍රමභාහුගෙ එකම පුතා.එකම පුත්‍රයා කිවුවට ඔහුට තව සොඳුරු දියණියක්ද සිටිනවා ඇය රිද්මිකා ප්‍රභාෂ්වරී වික්‍රමභාහු…භාතියගෙ දෑසවන් මේ දරු දෙදෙනා වෙනුවෙන් අප්‍රමාන කැපකිරීමක් කල පිය පදවියේ උත්තරීතර බව රැකගත් ආදරණීය පියෙක් ඔහු.වියපත් නොවුන තාරුන්‍යයේ අපූරු හැඩතල මත මත් ඔහු භාෂනත් රිද්මිකාත් ඇසුරු කලේ යහළුවන් සේයි.ඒහා සමගම ඔහු භාෂනගේ මිතුරන්ගේද මිතුරෙක් වුනා.ජීවිතයේ බරක්පතලක් නොදැනෙන යවුවනය රිසිසේ විදගන්ඩ හැකි වාතාවරනයක් භාෂනට සැලසුනේ භාතිය වික්‍රමබාහුගේ මේ නිදහස් හැසිරීම් රටාවයි…

……අඩෝ භාෂනය උඹ ගොරවනවනෙ…නැගිටපන්…ඕකනෙ බං කියන්නෙ ගෙදර ඇඳේ නිදාගන්ඩ පින නෑ කියල…අපිටවත් හරියට නිදාගන්ඩ දෙනවද බලපන් දැන් උඹ නිදාගන ඉන්න විදිහ හරියට මාස හතරක් නිදිවරපු එකෙක් වගේනෙ…

….ඉතින් බං උඹ මාස හතරක් නෑවෙ නෑ වගේ ඕජ ඇතුලෙ දඟලනකම් මම ටික්බෝල ගහන්ඩද යමං ඉතින්…

සමිත නිදාගන්ඩ වගේම නාන්ඩ කන්ඩ අඳින්ඩ ගන්න වෙලාව බැලුවම ඌට අවුරුද්දට දවස් තුන්සිය හැටපහ මදි.මගෙ කලබලේ ඌට ගානක් නෑ…හිමිහිට ඇඳුමක් තෝරගන ඉරක් නැතිවෙන්ඩ මැදල..ඔලුව පිඋරල සෙන්ට් ගාල ඒකව එලියට ගත්තෙ හරියට මනමාලියෙක් අන්දල ගන්නවටත් වඩා වෙලාවක් ගිහිල්ල

…..හරි මචං..දැන් කොහෙද…..නෑමක්ද..ගේමක්ද…

…නෑ කෑමක් වරෙන් බූරුවො ලේට් හොදටම.
කියනගමන්න මම බයික් එක හරවගත්ත සමිතව දාගනම..ගත්තු වේගෙට…
…යකෝ හිමින්…හිමින්..අපේ අම්මට…අම්මට හුඩු අම්මට කිවුවෙ නෑ හරවපන් හිටින් ටිකක්..

බයික් එකේ සද්දෙට සුබා ආන්ටි එලියට එනව සමිතය ආපහු දුවල ගිහින් සුබා ආන්ටිට මොනාද කියල දුවන් ආව.මාත් එක්ජ කොයි දීපන්කරේ ගියත් පුතා ගෙදර එනව කියල සුබා ආන්ටි දන්නව..

….පරුස්සමින් පුතා ..ඖතා භාෂන රෑ වෙන්ඩ කලින් එපා එලිවෙන්ඩ කලින් හරි ගිහින් එන්ඩකො..

සුබා ආන්ටි අත වනන ගමන් කෑ ගහනව…අපිටම හරියන තාත්තල අම්මල ලැබුනෙ අපේ පූරුවෙ පිනකටද කොහෙදනඳුන් නම් කියන්නෙ ඕකට අපේ පවකට තමා කියල…

…ඒයි හිමින් යමන් බං ඊයෙත් මේ හරියෙ එකෙක් අඩු කඩාගත්ත….

සමිත කෑගහල මට කියන්නෙ…හරියට මම ප්ලේන් එකක යනව කියල හිතාගන වෙන්ඩැති…දැන් ඌ දන්නව මම යන්නෙ නඳුන් සඳුන් ඩබල හොයාගන කියල අපේ පෝරිසාද නඩේ සම්පූර්න වෙන්නෙ එතකොටනෙ…ඕක ඉතින් හැමෝම දන්නව ඉදිරිපස වංගුවෙන් එතකොටම උන් දෙන්න මතුවුනා අස්පු වේගෙට අපිව දැක්කත් මීටර් සීයක් විතර ගිහිල්ලයි දෙන්න නතර වුනේ…අම්මෝ මුන් දෙන්න අස්පු වේගෙ…

…ඒයි සමිතයො…බලපන් අරුන් දෙන්න පස්සෙන් කවුරු හරි එලවගනඑනවද කියල…අඩුගානෙ ට්‍රපික් පොලිස්වත්….

…නෑ බං එහෙම එකක් පේන්ඩ නෑ මම හිතන්න්ව් අරූගෙ බඩේ අමාරුව තදවෙන්ඩ ඇති ..ඊයෙත් වැඩිපුර හිටියෙ ටොයිලට් එකේනෙ…උඹ හරවපන් බලමු මොකක්ද අවුල කියල….

අපි හරවන්ඩ කලින් උන් දෙන්න හරවගන ආව අපි ලඟට.

….මොකද බං ඔය වේගෙ.ඔහොම ගියොත් වැඩිදවසක් යන්ඩ කලින්තුන් මාසෙ දානෙට අපි දෙන්නට මාර මහන්සියක් වෙන්ඩ වෙයි වගේ..

….අපොයි උබල දෙන්නගෙ මහන්සිය…තුන්මාසෙ යනකොට අපේ මතකෙත් නැතිවෙයි තොපිල දෙන්නගෙ ඔලුවල….අපි නොදන්න උලව් යාළුවො…

…ගරි බං අයිනට වරෙල්ල නැත්නම් හතරදෙනාගෙම දානෙ හරියයි…දැන් කොහෙද තොපි දෙන්න ගාල කඩාගන දුවන්නෙ….හරියට වල්ගෙ ගිනිගත්තු හනුමන්ත වගේ…
…මාර ප්‍රොබ්ලම් එකනෙ භාෂන…
සඳුන් අඳිනව කියන් නැතුව.

…කියපන්කො උගුඩුවො මොකද උඹට ගෙදරින් ප්‍රොපෝසල් එකක්වත් ගෙනත්ද….
…නෑ නියමයිනෙ උඹට අපේ අම්ම එහෙම කිවුවද බං.ඊයෙ පෙරේද අම්ම තාත්තට කියනව මං අහගන ගේ පේන්ට් කරන්ඩ ඕනැ කියල මේ භාෂන මගෙ යාළුවට වරෙන් හරිද..මුන් දෙන්නගෙ මූණවල් නිකම් ලෑතර වගේනෙ…

…නෙදකින් පරිප්පුව තොට මඟුල් කථා කරල සරත් අන්කලුයි නිමාලි ආන්ටියි කන්ඩ අඳින්ඩ දෙන්ඩද..මේකට තාම රස්සාවකුත් නෑ රිසාල්ට් ආවෙත් නෑ.බලාකො මනමාලකම විතරක්..

නඳුන්ට මලපැනල…යාළුකමේ උපරිමය අපි හතරදෙනාගෙ මිතුරුකම තුල බොහෝ දෙනාගෙ වර්ණාවට ලක්වුන බව අපි දන්නව.විනෝදය වගේම අපේ හැදියාව හැමෝටම සතුටක් අපේ දෙමාපියන් මිතුරන් වැඩිහිටියන් කවදාවත් අපේ මිත්‍රත්වයට අකුල් නොහෙලුවෙ ඒකයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here