නව සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ

0
233

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පත්වීම් ලිපිය බාරදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (28) සිදු කෙරිණි.

ජාසිංහ මහතා අද (29) පෙරවරු 8.00 ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ගත්තේය.

‘‘හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස හෙට සිට කටයුතු කරනවා. එය වසර 5 ක ධූර කාලයක්. ඔහු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කරන කාලයේ මට ගැටලු තිබුනේ නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගත්තා. සෞඛ්‍ය සේවාව තුල කඩිනමින් තීන්දු තීරණ ගත යුතුයි. මම වසර 5 ක ඉලක්කයක් මත වැඩ කරන්නේ. නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අනිල් ජාසිංහ මහතා පත් කිරීමේ දී දේශපාලන බලපෑම් මම විසින් කළේ නැහැ. සෞඛ්‍ය සේවාව තුළ මා ආරම්භ කළ විවිධ ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමේ වගකීම වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ද පැවැරී තිබෙනවා. ජාතික රෝහලේ තනතුර දරන කාලයට වඩා කාර්යක්ෂමව නව තනතුරේ වැඩ කරන්න ජාසිංහ මහතාට සිදු වෙනවා‘‘ යැයි එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here