හතුරුසිංහ එනවාට ක්‍රිකට් ලොක්කෙක් හතුරුකම් පායි

0
146

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙහි පුහුණුකරු වශයෙන් පත්වීමට මේ වන විට සියලු පාර්ශවයන්ගේ එකඟතාවය පළ වී ඇතත් ක්‍රිකට් ආයතනයෙහි ඉහල නිළයක් මෙම පත්වීම සම්බන්ධයෙන් නොරිස්සුම් සහගතව සිටින බව වාර්තාවේ. එයට හේතු වී ඇත්තේ හතුරුසිංහ අර්ජුන රණතුංගගේ කැමැත්තට අනුව කටයුතු කිරීම බවත් අදාළ පත්වීමෙන් පසු ඔහු පාලනය කිරීමේ කටයුතු තමන්ට අවශ්‍ය පරිදි සිදුකිරීමට නොහැකි වන බවට සැකයක් පැවතීම හේතුවෙන් බවද ක්‍රිකට් ආයතනයෙහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කොට සිටී.
කෙසේ නමුත් ලෝකයේ වැඩිම මුදලක් අය කරනු ලබන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ එකී මුදල් අවශ්‍යතාවයන් ද පසෙකලා ශ්‍රි ලංකා කණ්ඩායමෙහි පුහුණුකාරීත්වය භාරගැනීම මේ වනවිට ක්‍රිකට් කණ්ඩායම මුහුණ පා සිටින ස්ථානයෙන් ගොඩ ගැනීමට හොදම සුදුස්සා බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here