මුගාබේ යන්නම යයි

0
216

 

වසර 37ක පාලනය නිමා කරමින් රොබට් මුගාබේ, සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සාමකාමී බල සංක්‍රාන්තියක් වෙනුවෙන් තමන් ස්වෙච්ජාවෙන්ම මේ තීරණය ගත් බව මුගාබේ එරට පාර්ලිමේන්තු කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත. ඒ සමගම ඔහුට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ද නතර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රොබට් මුගාබේගෙන් අනතුරුව හිටපු උප ජනාධිපති එමර්සන් නන්ගාග්වා රටේ නායකත්වයට පත්වනු ඇතැයි, පාලක සානු පී.එෆ. පක්ෂය පවසයි.

නන්ගාග්වාව උප ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය මුල්කර ගනිමින් මේ මස මුල දී සිම්බාබ්වේ රාජ්‍යය බරපතල දේශපාලන අර්බුදයකට මුහුණ පෑවේය. 93 හැවිරිදි මුගාබේ ලොව වයෝවෘද්ධම නායකයා ලෙස සැලකේ.

1980 සිට සිම්බාබ්වේ රාජ්‍යයට නායකත්වය ලබාදුන් මුගාබේගේ ඉවත්වීමත් සමග සිම්බාබ්වේ රාජ්‍යය නව දේශපාලන පරිච්ජේදයකට මුල පුරනු ඇතැයි, විශ්ලේෂකයින් පවසයි.

ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ.
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් පසුගියදා තනතුරින් පහ කරන ලද හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස සිය හිටපු නායකයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එමර්සන් නන්ගග්වා දැනට රැඳී සිටින්නේ කොතැනකද යන්න රහසක්ව පවතී.
මහජන අභිලාෂය පිළි ගනිමින් ජනාධිපති ධූරයෙන් ඉවත් වීම හෝ නින්දාවට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතු මොහොත මුගාබේ වෙත උදා වී ඇතැයි හිටපු උප ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එහෙත් එම අදහස් බැහැර කරමින් දිගටම බලයේ රැඳී සිටීම මුගාබේගේ අදහස වී තිබිණි.

“මුගාබේ!ඔබේ කාලය අවසන්”
තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව දැන ගැනීමට ලැබුණ හෙයින් රටින් පළා යාමට සිදු වූ බවත් හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා පවසයි.
“සිය ජනතාව ඉදිරියේ පැහැදිලි නිර්භීත ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස තමා අනූ තුන් හැවිරිදි ජනාධිපති මුගාබේගෙන් ඉල්ලා සිටි” බව එමර්සන් මනන්ගාවා සඳහන් කළේය.
“මම ජනාධිපතිට කිව්වා- මගේ ආරක්ෂාව සහතික කෙරෙන තෙක් ආපසු රටට එන්නේ නැහැයි කියල. මොකද? මම උප ජනාධිපති පදවියෙන් එළවා දාපු අවස්ථාවේ මට සලකපු ආකාරය නිසා” ඔහු කියා සිටියි.
කෙසේවුවද ,පදවියෙන් ඉවත්ව යාම දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටි ජනාධිපති මුගාබේ ඒ අතරවාරයේ කැබිනට් සාකච්ඡාවක් ද කැඳවනු ලැබ තිබිණි.
ජනාධිපති මුගාබේ කැඳවූ එම කැබිනට් රැස්වීමට සහභාගී වීම බොහෝ ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් වාර්තා වෙයි.
මුගාබේ දිගටම ‘බලයේ එල්ලී සිටීමේ’ ව්‍යාපෘතියක සිටි නමුත් ඔහු නායකත්වය දුන් ෂානු-පීඑෆ් පක්ෂය ඔහු දෝෂාභියෝගයක් මගින් හෝ නෙරපා හැරීමේ උත්සාහය දිගටම පෙරට ගෙන ගිය අතර මේවනවිට ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වී ඇත.මුගාබේ ඉවත් වීම සමඟ 'හරාරේ' නගරයේ වීදි සරණ ජනතාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට අසමත් වීම සහ සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේට අධික බලතල පැවරීම පිළිබඳව එම දෝෂාභියෝගය මගින් ජනාධිපතිවරයාට චෝදනා කෙරුණි.
අදාළ දෝෂාභියෝගය සම්මත කර ගැනීමට දින දෙකක් ගතවනු ඇතැයි සිම්බාබ්වේ පාලක ෂානු-පීඑෆ් පක්ෂයේ නිලධාරීහු ප්‍රකාශ කළත් ඉන් පෙරම මුගාබේගේ ඉවත්ව යාම නිවේදනය කෙරුණි.
ෂානු-පීඑෆ් පක්ෂය සමඟ වාඩි වී රටේ ඉදිරිය ගැන සාකච්ඡා කිරීමට දැන් තමන් සූදානම් බව සිම්බාබ්වේ විපක්ෂය පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here