සන්ධාන නෑ බොරුවලට රැවටෙන්න එපා – දුමින්ද දිසානායක

0
89

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පෙරමුණක් හෝ සන්ධානයක් ගොඩනගා ගැනීමට කිසිදු නිල හෝ නොනිල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කියයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා‍ තම පක්ෂය දිස්ත්‍රික්, ආසන සහ ග්‍රාමීය මට්ටමින් සංවිධානය වීම මේ වන විට ආරම්භ කර ඇති අතර අපේක්ෂක නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමද සම්පූර්ණයෙන් නිමකොට ඇති බැවින් ඇතැම් දේශපාලඥයන් මාධ්‍ය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මඩ ගැසීම පිණිස කරන ප්‍රකාශ වලට නොරැවටෙන මෙන් තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here