අම්මා හා පෙම්වතිය – රුවින් බුද්ධික

0
72

අම්මා වැළලූ සෙහොන මත
සුදු මිනීමල් පිපෙනවා සාංකාවට
හිතට දුක දැනෙන වෙලාවට
මගේ කදුළත් තවරමි ඒ පෙති මතට

තාත්තා බීගෙන ආ වෙලාවට
අප සමග අම්මා සැඟවෙන මේ වන වදුල
තවමත් කතා කරන්නේ හෙමිහිට
කොතරම් කඳුළු වැගිරුවාද ඇය මෙතැන
ඒ කදුළු තාත්තා දුටුවාද

කිරි කඳුළ සොයමින්
ගඟට ගිය අම්මාට
සුදු කොකුන් මළ ඉරක රත අන්දාම
හදිසියේ ඇහැරිලා බලන විට
ලේ කැටිති විතරයි තිබුනේ ගං ඉවුරත
අම්මාගේ සුද

ගඟ දිගේ ගසාගෙන ගියේ කොහොමද
අතරමං වෙච්ච ජීවිතයක
කාංසියක් විදින මීවිතකදි
මම තාම හිත යටින් අඬනවා
නපුරුකම් විඳගන්න
උඹ තරම් බැරි වෙද්දි
හදවතේ යම් බරක් දැනෙනවා

හීනයෙන් පෙනි පෙනී මහ රැයෙත් නිදි බිදින
සෙහොන උඩ අවදියෙන් අඩන අම්මගේ කිරි මුහුන
ජීවිතය මං තාම හොයනවා
පෙම්වතියගේ දෙතොල්වල දෙතනවල
තැවරිලා කිතිකවන
අම්මගේ උණුසුමින් හද පුරන ඒ සෙනේ
ගං ඉවුරේ මම තාම බලනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here