මුගාබේට දෝෂාභියෝගයක්

0
49

සිය පක්ෂ නායක ජනාධිපති රොබට් මුගාබේගේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිම්බාබ්වේ පාලක සානු-පීඑෆ් පක්ෂය සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවා තිබේ.
ධුරයෙන් ඉවත්වීම සඳහා සානු-පීඑෆ් පක්ෂය විසින් ජනාධිපති මුගාබේ වෙත ලබා දෙන ලද කාල සීමාව සඳුදා (නොවැ 20) අවසන් විය.
ඉරිදා රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති මුගාබේ තමන් තවදුරටත් සිය ධුරයේ කටයුතු කරන බව අනපේක්ෂිත ලෙස නිවේදනය කළේය.
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා සිය සහාය හිමිවන බව පවසන සානු-පීඑෆ් පක්ෂය පාර්ලිමේන්තුව රැස් වී අඟහරුවාදා වනවිට ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇති බව සඳහන් කරයි.
ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියට පත් කරන ලද සිම්බාබ්වේ හමුදාව විසින් පසුගියදා එරට පාලන බලය පවරා ගනු ලැබීය.
“රට තුළ පවතින පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීමට” ජනාධිපති මුගාබේ වගකිවයුතු බව ඔහුගේ පක්ෂය විසින් සකසන ලද දෝෂාභියෝග යෝජනාවේ කෙටුම්පතක සඳහන්ව ඇති අයුරු රොයිටර් පුවත් සේවයට දැක ගැනීමට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here