ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.
භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලතාවයකින් යුතුව ඉරාකයේ හලාබ්ජා නගරය කේන්ද්‍ර කර ගනිමින් හටගත් එම භු කම්පනය බැග්ඩෑග් නුවර ඇතුළු ඉරාක, ඉරාන නගර රැසකට හානි සිදු කර තිබේ.