අවුරුදු එක හමාරක සිගිත්තියක් මිය ගිය මව සමග තෙදිනක් ඇදක් මත

0
149

තරුණ එක්දරු මවක් සිය නිවස තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පාගම ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඇය අවුරුදු එක හමාරක දියණියගේ මවක්. සැමියා නොවැම්බර් 1 වන දා ගාල්ල ධීවර තොටුපලින් බහුදින යාත්‍රාවකින් ධීවර රැකියාවට ගොස් තිබෙනවා.

ඒ අනුව විමුශිකා දිල්හානි මවගේ මහ ගෙදරට ගොස් දින කිහිපයක් නැවතී සිට ඇති බවයි පැවසෙන්නේ. පසුගිය 7 වන දින සවස 6.00 ට පමණ ඇය යළි පදිංචි නිවසට පැමිණ ඇති අතර ඒ බව මවට දුරකථනයෙන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් පසු 8 වන දා හා 9 වන දා මව අවස්ථා ගණනාවකදී දුරකතන ඇමතුම් ලබා දුන්නද ඇයගෙන් ප්‍රතිචාරයක් ලැබී නැහැ.
එම නිසා මව 9 වන දා පස්වරු 4.30 පමණවන විට දියණිය පදිංචි නිවසට පැමිණ තිබෙනවා.

වසා තිබූ දොර ඇරගෙන නිවස තුළට ගොස් බලන විට දැක ගන්නට ලැබී ඇත්තේ දියණිය මියගොස් ඇති බවක්. හයක් හතරක් නොතේරෙන කිරි සප්පයා ඇඳ මත එහෙ මෙහෙ යමින් සිටි බවද මව පවසා තිබෙනවා. මව වහ ම්බලන්ගොඩ පොලීසිය දැනුවත් කර ඇති අතර පොලිසිය පැමිණ විමර්ශන ආරම්භ කළා.

මිය ගිය කතගේ නහයෙන් ලේ වහනය වී තිබී ඇති අතර වෙනත් කිසිදු බාහිර තැලීමක් හෝ සීරීමක් දක්නට ලැබී නැහැ. බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂා කොට සිරුර ඇල්පිටිය මූලික රෝහලට යැවීමට අවසර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here