අය – වැයක වගකීම

0
77

2018 වර්ෂයට අදාළ අය වැය යෝජනා පසුගියදා මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. බොහෝ ආර්ථික විශේෂඥයන්ට අනුව මෙකී අය වැය යෝජනාවලිය ආර්ථිකමය සංවර්ධන ඉලක්ක වෙත පිය නැගීම හෝ මුල්‍ය වෙන් කිරීම් මගින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න හමුවේ ගණන් තැබීම් සිදුකිරීමට වඩා ආණ්ඩුවක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වැන්නක් වූ බවට ප්‍රකාශයන් නිකුත් කොට තිබිණි.

ණය බර පියවා ගැනීම සදහා මුළුමනින්ම ආණ්ඩුව ජනතාව මත බදු බර පටවා ඇති අතර බොහෝ විට සැලසුම් සකස්කිරීමට අදාළ වපසරියන් අය වැය යෝජනාවලියට ඈදා ගැනීම තුළින් ආර්ථික සංවර්ධනයක් සදහා වන ඉඩ මෙවර අය වැය තුළින් ගිලිහී ගොස් ඇති බවද සදහන් වේ.

ආර්ථික උද්පාදනයන්ට මුලිකත්වය දිය යුතුව පැවැතුනක් රටේ ආර්ථිකමය ශුද්‍ර ස්ථානයන් මගින් කුමන හෝ අගයක් තබා ඒ මතින් ආණ්ඩුවට මුදල් ගලා ඒමට සලස්වා ඇති බව මූලික අධ්‍යයන තුළින් දැකිය හැකි වේ. ඒ අනුව සියලුම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවල ගණුදෙනු කරන රුපියල් දහසකට ශත 20ක බදු පැනවීමක් කොට ඇති අතර ණය ගෙවීමේ බද්ද ද ලෙස පාරිභෝගිකයා මත බදු පැටවීමක් සිදුකොට ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙය අය වැය යෝජනාවේ සදහන් වන අන්දමට බැංකු මගින් අය කිරීමක් සිදුවන බව සදහන් වුවක් වක්‍රාකාරයෙන් මෙය ගණුදෙනුකරුවන් මතම පැටවෙන අන්දමට සකස් කොට ඇති බව දැකිය හැකිය. එය බැංකු විසින් තම පොලී අනුපාතය ඉහල දැමීමෙන් නැවත ගණුදෙනුකරුවා මතම එය පැටවීමට සැලසීම ආණ්ඩුවෙහි උපායමාර්ගික බදු අය කර ගැනීමක් ලෙස දැකිය හැකියි.

තවත් අධ්‍යයනය කරන්නේ නම් 2018 වර්ෂය සඳහා රජයේ ආදායම රුපියල් කෝටි 226,000ක් ඉලක්කයක් වෙත යාමට අපේක්ෂා කරමින් ණය ගෙවීම්ද ඇතුළත්ව සමස්ත වියදම රු. කෝටි 415,500 ක් බව මෙහිලා පෙන්නුම් කරන්නක්. ඒ අනුව රුපියල් කෝටි 189,500ක හිඟයක් ඇති අතර හිඟය පියවීමට කුමන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන්නේද යන්න මෙහි සදහන් කොට නොමැතිවීම අය වැය යෝජනාවලියේ පෙනෙන අඩුපාඩුවක්. මේ අතර අණ්ඩුව විසින් නැවත ණය ගැනීම සදහා සැරසෙන බවට වන ඉගියක් ලබා දී ඇති අතර ඒ අනුව රුපියල් කෝටි 189,500ක ණය ගැනීමේ සූදානමක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කර ඇති බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතී. පිරිවැටුම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, වැට් බද්ද වගේ මෙතෙක් ක‍්‍රියාත්මක වන බදුවලට අමතරව අලුත් බදු ඇතුළත්ව මේ රුපියල් කෝටි 11,000 ගැනීමේ අපේක්ෂාවක්ද ආණ්ඩුව ඇති බවට තොරුතුරු වාර්තාවේ.

කෙසේ නමුත් ආර්ථිකය දේශීය ගොවියා ශක්තිමත් කිරීම තුළින් කෘෂිකර්මාන්තයට දිරියක් ලබාදීමට වෙනුවෙන් මෙකී අය වැය යෝජනාවලියෙන් කිසිදු සහනයක් ලබා නොදීම ආණ්ඩුවෙහි අදූරදර්ශී භාවය පෙන්නුම් කරන්නක් වන අතර ඒ වෙනුවට අල ළුණු හාල් මැස්සන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකිරීමක් සිදුකළත් ඒවා කෙටි කාලීන ආර්ථික වාසි සදහා වන අතර එමගින් දිගු කාලීන ජීවන තත්වයන් ගොඩ නැගීම සදහා වන්නක් නොව බව මෙහිදී දැකිය හැකි විශේෂ කරණක් බවද අවාධාරණය කළ යුතුව ඇත

ඒ අනුව මෙවර අය වැය යෝජනාවලිය ජනතා සුබ සිද්ධිය හෝ ජාතික ආර්ථික ශක්තිමත් කිරීම වෙනුවට කෙටි කාලීන සිහින දැකිය හැකි අය වැය යොජනාවලියක් වන බවට මත පළවෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here