Ritesh Batra ගේ LUNCH BOX – උපාලි ජයසිංහ

0
77

ඔබ ගොඩවී ඇත්තේ වැරදි දුමිරියකට වුව. සමහර විටෙක එය ඔබව නිවැරදි ගමනානත්තයට ගෙන යනු ඇත
_______________________________________
——- Ritesh Batra ගේ LUNCH BOX — ( ඉංදියානු විශිෂ්ට සිනමා පටය )
———————————————————–

මුමිබායි නගරයට එන ලක්ෂ ගණනින් දිවා ආහාරය අඩංගු කෑම පෙටිටි අතරින්
වැරදි හුවමාරැවට ලක් වූ කෑම පෙටිටියේ කතාව
—–
මහල් ගොඩනැගිල්ලක පහල මහලේ තරුණ ගැහැණියක් ඉහළ මාලයේ අයෙකුට මෙහෙම කියනව
‘‘ ඇන්ටී අදනම් අපේ එක්කෙනාට නෙවෙයි කෑම පෙටිටිය ගිහිල්ල තියෙන්නෙ‘‘
‘‘ ඉලා කොහොමද දන්නෙ ‘‘
‘‘ පෙටිටියේ මුකුත් ඉතුරු නෑ ! ඔක්කොම කාලා ! ‘‘
———-
ඊළග දිනයේ ,
මහත්තයා මම මෙි ලියුම කෑම පෙටිටියට දැමිමෙ ඔබ බලයි කියල හිතාගෙන
ස්තූතියි මහත්තයට ඔක්කොම කාල තිබුනට ඒත් මම මෙිව උයල එවන්නෙ ආසාවෙන් මගේ
මහත්තයට කන්න. කමක් නෑ හිස් කෑම පෙටිටිය දැක්කම මම සතුටු වුනා මොකද මම
හිතනව කාගෙ හරි බඩක් සතුටු කරනවයි කියන්නෙ එයාගෙ හදවතත් සතුටු කරනව කියල
මීට ඉලා

————
මාස ගණනකින් පසු,
හිතවත් ඉලා…
අද ඔයා මට එවපු කෑම පෙටිටිය හිස් එකක්. මට එහෙම වෙන්න ඔීන .මට තේරෙනව ඔයා ඉන්නෙ කේන්තියෙන් . ඊයෙ මම
එනකන් ඔයා අර තේ කඩෙි ගොඩක් වෙලා බලන් හිටිය ඒක මම දන්නව. මමත් බලන් උන්නෙ ඔයාව
මුණ ගැහෙන්න අසාවෙන් . ඉතිං ඊයෙ ඒ උදේ ඔයාව මුණගැහෙන්න මම නාල ඇදුමි අදින කොට
යමි දෙයක් මට නාන කාමරේ අමතක වුනා වගේ දැනුන. ඉතින් මම ආයි නාන කාමරේට
ගියා ඒක ගන්න. එතකොට මට නාන කාමරෙන් පරණ පුරැදු සුවදක් ආව. හරියටම මගෙ
සීය නාල ඉවර වුනාට පස්සෙ නාන කාමරෙන් එන්නෙ ඒ සුවදමයි . ඒක හරියට
සීය එතැන ඉන්නව වගෙයි.නමුත් ඉලා ඒ ඔහු නෙමි . මට ටික වෙලාවක් ගියා ඒක තේරැමි ගන්න. ඒ මගේම සුවද ඉලා ඒ සුවද .හරියට
වයසක මනුස්සයෙක්ගෙ වගේ. මම දන්නෑ මම වයසට ගිහිල්ල කියල. සමහර විට
අද උදේ වෙන්න පුලුවන් උදෑසනවල් ගණනාවකට කලින් වෙන්න පුලුවන්.
ඡීවිතය කියන එක කාලය හා හැගීමි එක්කම අපි නොදැනුවත්වම බෙලහීන වෙලා යනව. එත් අපිට ඒක එක පාරටම තේරැමි යන්නේ නෑ . ඒත් ඉලා මම
දන්නව ඔයා තරැණයි.කිසිම කෙනෙක් ඉලා ඊයෙ ලොතැරයි ගන්නෙ නෑ.
කොහොම නමුත් ඔයා ඉන්නවයි කියපු තේ කඩෙිට මම ආව ඔයා එතැන හිටිය
ඔයාගෙ පර්ස් එක අත ගගා, වතුර එකක් බොමින් කෙනෙක් එනකන් බලන් ඉන්න විමසිලිමත් දෑසින් .
මට ඔන වෙලා තිබිබ මෙි ඔක්කොම ඔයා ළගට ඇවිල්ල කියන්න නමුත් මම
කලේ ඔයා දිහා බලාගෙන හිටි එක විතරයි මම හිතුව වගේම ඔයා ගොඩක් ලස්සනයි
ඔයා තරැණයි, ඔයා ළග හීන තියෙනවා. සමහර වෙලාවට ඔයා මාව ඔයාගෙ ඒ ලස්සන හීන අතරට
අරන් ගියා. මට ඔන ඒ හීනවලට ඔයාට ස්තුති කරන්න. ඉතිං ඉලා මම වයසයි කියල මට තේරුනේ ඊයෙ. සමාවෙන්න ඉලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here