නැවතත් ක්‍රිකට් ජයග්‍රහණ මාවතකට

0
87

පාකිස්ථානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 68කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනියේදී සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය වන මෙය පැවැත්වූයේ ඩුබායිහිදී ය.

ඒ අනුව පාකිස්ථානයට එරෙහි තරගාවලිය තරග 2/ 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන තිබේ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 482 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 262 ක් රැස් කලේය.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලකුණු 96 ක් රැස්ක්රගත් අතර ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹාගිය පකිස්තාන කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 248ක් පමණයි.

එහිදී සුවිශේෂ පන්දු යැවීමක නිරතවූ දිල්රුවන් පෙරේරා කඩුලු ක් දවාගැනීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම ජයත් සමඟ අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් දර්ශකයේ 06 වන ස්ථානයට පත්වනු ඇති.

මෙම තරගාවලිය ජයග්‍රහණය කළහොත් මැදපෙරදිග පැවති ටෙස්ට් තරගාවලියකින් පාකිස්තානය පරාජය ලැබූ ප්‍රථම අවස්ථාව එය වනු ඇති.

ඔවුන් එහි ටෙස්ට් තරගාවලි 9කට සහභාගි වී ඇති අතර ඉන් 05ක් ජයගෙන 04ක් ජය පැරදුමෙන් තොරව අවසන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here