ලාස් වේගාස්හි මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

0
41

ලාස් වේගාස් හි සංගීත සංදර්ශනයක් අතරතුර සිදු වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් 200ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ඔහු වෙඩි තබා ඝාතනය කළ බවත් ලාස් වේගාස්හි මෙට්ට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

සැකකරු ලාස් වේගාස්හි පුද්ගලයෙකු බවත්, ඔහු මැන්ඩලේ බේ හෝටලයේ 32 වන මහලේ සිට වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ ලාස් වේගාස් ගුවන් තොටුපල වෙත පැමිණිමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන් තොටුපල වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here