හයිඩ්‍රජන් බෝම්බයෙන් කොරියාවට භු චලනයක්

0
89

උතුරු කොරියාවේ සිදු කළ න්‍යෂ්ටික අත් හදා බැලීම ප්‍රතිඵලයක් ලෙස ඊයේ (03) පෙරවරුවේ භූ චලනයක් වාර්තා වූ අතර මෙය උතුරු කොරියාවේ 06 වන න්‍යෂ්ටික අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් බව ජපානය තහවුරු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඒ අනුව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ උතුරු කොරියාවේ 06 වැනි න්‍යෂ්ටික අත්හදා බැලීම වහාම නතර කළ යුතු බව ජපානය ප්‍රකාශ කරන බවයි.

ජපාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම න්‍යෂ්ටික බෝම්බය හයිඩ්‍රජන් බෝම්බයක් බැවින් එය භූ චලනයක් ඇති කිරීමට සමත් වූ බවයි.

මේ අතර උතුරු කොරියාවේ මෙම භූ චලනයට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව වහාම සිය ආරක්ෂක කවුන්සිලය රැස් කිරීමටද පියවර ගෙන තිබිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here