සුදු වෑන් නම ඇසූ පමණින් රාජපක්ෂවාදීන් කලබල වූයේ ඇයි ?

0
123

පසුගියදා මිරිහාන ප්‍ර දේශයේ සැරිසැරූ අංක රහිත සුදුවෑන් රථයක් සම්බන්ධයෙන් මේ වනවිට වඩාත් කලබලයට පත්ව ඇත්තේ රාජපක්ෂ හිතවාදීන් බවට තොරතුරු වාර්තා විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉතා ඉක්මනින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමත් ජී.එල්.පීරිස් හිටපු ඇමැතිවරයා විසින් මෙම සුදුවෑන් රථය මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රබල තර්ජනයක් බවත් සදහන් කොට පොලිස් පරීක්ෂණ පවත්වන්නැයි බලකොට සිටියේය.

ආරක්ෂක අංශයේ සිව් දෙනෙකු මෙම වෑන් රථයේ ගමන් කොට ඇති අතර ඔවුන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමක්ද සිදුකොට ඇත.
එකී තත්වයන් මෙම වෑන් රථයට අදාළව සිදුවද්දී වෙනත් පක්ෂ කිසිවක නොමැති තදියමක් රාජපක්ෂ හිතවාදීන්ට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද කල්ලියට ඇතිවූයේ කුමක් නිසාද යන්න විමසිය යුතුව ඇත.
ඒ අන් කිසිවක් නිසා නොව සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර් වන ගෝඨාභය රාජපක්ෂ විසින් එය ආරම්භ කළ බැවින් ඔහු එකි රග යස රගට දන්නා නිසා බැවිනි. මිනිසුන් අතුරුදහන් කිරීම ඔවුන් මෙම රථ මගින් ගෙන ගොස් ඝාතනය කිරීම වැනි දෑ පසුගිය කාලය මුළුල්ලේ නොයෙක් මාධ්‍ය මගින් අසන්නට ලැබුනු ප්‍රවෘත්තින්ය.
එබැවින් ජී.එල්.පීරිස්ගෙන් පිටවන හඩ ගෝඨාභය රාජපක්ෂගේ හා මහින්ද රාජපක්ෂගේ නොවන්නට බැරි නැත. ඒ කෙසේ වුවත් අබ කෑ මිනිහාගේ මොලේ දන්නාක් මෙන් මෙම වෑන් රථ යොදවා සිදුකළ ම්ලේච්ඡ කම්වල යටගියාව මේ වන තුරුත් හරි හමන් ලෙස එළියට පැමිණ නැත. ප්‍රගීත්, ලලිත් කුගන්, දෙහිවලින් අතුරුදහන් කළ ළමුන් තිදෙනා හා තවත් බොහෝ අය මේ වන තෙක්ම ආගිය අතක් නැත.
සුදුවෑන් රථයෙන් අවසන් වශයෙන් ඔසවා ජත්‍යන්තරයේ කිර්තියට පත් වූයේ කුමාර් ගුණරත්න හා දිමුතුය. කෙසේ නමුත් ඔවුන්ගේ ජීවිතය බේරාගැනීමට හැකිවිය. එහෙත් ම්ලේච්ච සුදුවෑව සංස්කෘතියට පන දුන්නෝ එහි ප්‍රතිවිපාකයන්ට බිය වන්නේය.

තුසිත පතිරණ
2015.07.22

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here