උමාලි ආරක්ෂකයින් පිරිවරා නිනෝලයිව් වලට ඇවිත්

0
63

සාරංග – උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත වාර්තා වන විටත් උමාලි ජපානයේ සිටි අතර මේ වන විට ඇය නැවත ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයද රංගනයෙන් දායක වන ”නිනෝ ලයිව්” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා වන අතර එය ජුනි පළමුවනදා පැවැත්වුනේ රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

මේ සඳහා පැමිණි උමාලි හට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ බව එම අවස්ථාවට සහභාගී වූ අයෙකු අපවෙත තොරතුරු පවසා සිටි අතර ඇයගේ පියා විසින් මෙලෙස ආරක්ෂකයින් යොදවා තිබූ බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ. උමාලි, ගායක සංඛ දිනෙත් සමඟින් එක්ව මෙහිදී පැමිණ සිටි පිරිස ගීතයකින්ද පිනවන්නට කටයුතු කළා.

කෙසේ නමුත් සියළු දෙනා එක්ව චිත්‍රපටය නරඹන අතර උමාලි හදිසියේම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here