අපි කවුද බං..?

0
69

පෝය ඉවර වුනත් පොසොන් සද දියවන්නාවට උඩින් පට්ට යන්න ලස්සනට පේන්න ගත්තා. අම්මට සිරි ජෙෆ්රි බාවා මොකට මේකට කොතක් තිබ්බද මන්දා ඒකත් දිලිසෙනවා. ඒ මදිවට පාර්ලිමන්ට් ග්‍රවුඩ් එක පැත්තේ ඉදලා බලද්දී දියවන්නාවට සද රැස් වැටිලා එළම එළයි මළම පනියි කිව්වලු.

පාර්ලිමන්ට් ගේට් එක කිට්ටුවට වගේ වෙන්න ජොගින් පාරක් දමමින් ඉන්න කොට අර සදට උඩුබුරන බල්ලෙක් අපේ පාර්ලිමන්ට් එක පැත්තට කොචොක් එකට වගේ උඩුබුරනවා. අඩේ එහෙම පුළුවන්ද ගලක් අහුලලා ඒම් කරලා දුන්නා සුනඛ පෝතකයා සෙත්ත පෝච්චි වෙන්න කියලා.

ඌ හුකෑස් ගාගෙන දුවන ගමන් කිව්වා අඩෝ බැල්ලිගේ පුතා තොට තියෙන … කේ අමාරුව මොකද්ද පාර්ලිමන්ට් එකට බිරුවම උඹලට මේකේ ගේට් එක ගාවටවත් ඇවිත් හූවක්වත් තියාගන්න පුළුවන්ද එහෙව් එකේ එනවා මෙතන ගල් ගහන්න ප…යා (වාසු කිව්ව ) වචනේ කියාගෙන යන්න ගත්තා.

තව ගලක් ඇහිදින්න පහත් වුනා විතරයි හෙන කදයා ගැහුවා වගේ බ්රාස් ගාගෙන ඇස්දෙක නිලංකාර කරගෙන මෙන්න යකෝ මොන්ටේරෝ කදක්.

නැගපං නැගපං…

කවුද ? යකෝ මට නැගපං කියන්නේ හැරිලා බලපි යකෝ මේ සුසියා නේ..
හාවකු හූවක් නැතුව නැග්ගා..

මොකද බං මෙතන කරන්නේ ..තව්..?

සුසියා සුපුරුදු ලිලාවෙන් ඇහුවා ..

දන්නේ නැද්ද ඉතිං අපි ඔයාලගේ ආණ්ඩුව හදපු ජොගිං වල එහේ මෙහේ යනවා නේ… බඩට බතක් නැතත් කකුල් කැඩෙත්තුවට මෙව්වයින් ප්‍රයෝජනයක් ගන්න එපැයි..
හෙක්හෙක් හෙක් ඒක ඇත්ත මචං ඉතිං..

ඉතිං කියන්නේ මොකද්ද සුසි මන්තිරි තුමා වෙන්නේ ඔයාගේ පට්ටමටත් කෙළවෙන්න යන්නේ නේ… ?

පිස්සුද බං මං එහෙම අයින් වෙන්නේ නෑ ඔය එක එක නරියෝ කියන කෑලි අල්ලගන්න එපා බං..
හරි එතකොට ඔයා මොන පැත්තේද අපේ යහපාලන මෙත්සිත් ජනපති පැත්තේද නැත්නම් රාජපක්ෂ මහී ලගද ?

උඹට කියන්න තව් මමවත් දන්නේ නෑ මම මොකාට සෙට් වෙලා ඉන්නවද කියලා ඌ එකක් කියන කොට මම ඒ පැත්තට එක්ක කියනවා මූ එකක් කියන කොට මූට සෙට් වෙන්න දෙකක් කියනවා. අපිවත් දන්නේ නෑ බං අපි කාගෙද කියලා..

අප්පට සිරි මාර කේස් එක නේ… එතකොට ගෙදර උන් ඔයා ගැන හිතාගෙන ඉන්නේ මොකද්ද ?

උඹ පිස්සු කියවනවා මම දන්නේ නැතිව මම කාගේ පැත්තේද කියලා උන් දන්නවද බං..
මල කෙළියයි බල්ලො හතයි කිව්වලු අනේ අනිච්චං කිව්වලු ඔයාගේ තත්වෙත් එතකොට ඕක තමයි නේ..

මාව ඉස්සරහින් දාගෙන යන්න පුළුවන්ද ?

හරි උඹට ඕන තැනකින් බැහැපං මොකද මචං අපි දන්නෙත් නෑ බං අපි යන්නේ කොහේද කියලා..හරි සී .. යූ .. එහෙනම්

සූසීයගේ දුක් ගැනවිල්ල අහගෙන ඉන්න බැරිම තැන පැලවත්ත හන්දියෙන් බැස්සා…
පාර ක්‍රොස් කරන්න ගත්ත ගමන් කළුපාට කැබ්එකක් අරවගේම බරාස් ගාලා නැවැත්තුවා.
ආ…. තව් සහෝදරයා කොහේද මේ…?

ආ… මේ දිසා සහෝ නේ…

මම මේ ගෙදර යන ගමන් ඔබ සහෝදරයා කොහේද මේ යන්නේ …

හරි අපි යන තැන් දන්නේ නෑ ඔය සහෝදරයා ගෙදර පැත්තට ග්‍රොප්කරන්නම් නගින්න
නැග්ගා අවුලක් නෑ කියලා හිතාගෙන

ඉතිං සහෝ මොකද තත්වේ. විස්සට කෙළවෙයිද ගොඩයයිද ?

ඔය සහෝදරයට කියන්න ඕක ගොඩගියත් එකයි මඩ ගියත් එකයි අපිදැන් ගානට ෆීල්ඩ් එකට සෙට් වෙලා ඉන්නේ.. දැන් අපි මොනවා කිව්වත් ජනතාව අපේ පැත්තේ ඒ හින්දා උන් මොනවද කියන්නේ අපි ඒකට බැට් කරනවා.

එතකොට දිසා සහෝදරයා ඒකෙන් මොකද්ද වෙන්නේ ?

වෙන්නේද ඇයි තේරෙන්නේ නැද්ද අපිට මිනිස්සු කැමතියි අපි ඔය මොනවා හරි පටලවලා කියනවා මිනිස්සු අත්පොඩි ගහනවා. පොඩි කිග් එකක් දෙන්න වොයිස් එක ටියුන් කරලා මොනවා හරි කියනවා එතකොට ගොඩ..

මාරයිනේ… එතකොට සමාජවාදේ…

මේ දැන් ඔය සහෝදරයා බහින තැන හරි නේද අපි ආයෙත් හමුවෙලා කතා කරමු..
එහෙනම් බායි සී යූ..

මාව රාජගිරියෙන් බස්සලා ටටා කියලා ඒ සහෝදරයා යන්න ගියා…
සමාජවාදේ කැබ් එකේ දොරෙන් වැටුනාද එහෙමම තියෙනවද කියලා හිතාගන්නත් බැරි වුනා..

ගෙදර යාගන්න ඉතුරු ටික ත්‍රීවීලර් කට්ටකට අත දාන්න රාජගිරියේ ඉන්න කොට අඩේ ත්‍රීවිලර් එකක් කකුල මුලට ඇවිත් නැවැත්තුවා.
නගින්න කොහේද බං යන්නේ මේ …

කිරි අප්පට බල්ලෝ පැඩ පැඩ පැඩපි කිව්වලු
වංශයි, වාසුයි, ගම්මන්පිලයි..!

තුන් දෙනෙක් යන්න හොද නෑ නේ මං වෙන එකක එන්නම්
අනේ මේ … නැගපං බං හු..ව ගන්නේ නැතුව ..

වාසු පාර්ලිමන්ට් ටොක්ස් එකකින්ම උත්තර දුන්න නිසා නැග්ගා නෙවෙයි ඉඹේම නැගුනා කිව්වොත් හරි..

ඉතිං මොකද බං වෙන්නේ..

මමත් ඔබ තුමන්ලාගෙන් අහන්නමයි කට ඇරියේ..

අපිට මොක වෙන්නද බං..
නෑ වංශ මන්ත්‍රී තුමා මොකද්ද මේ වෙන්නේ ඔය ගොල්ලෝ අර මනුස්සයා උස්සන්න රට වටේම යන්නේ එයා ගේන්න පුළුවන් වෙයිද ?

අනේ මේ පිස්සු කෙළින්නේ නැතුව හිටපං අපිට පු… අමාරුවක් තියෙනවද බං ඔය එක එකා ගේන්න මේ වෙලාවේ ආතක් පාතක් නැතුව ඉන්න අපි මොකෙක් හරි අල්ලගන්න ට්‍රයි කරනවා.. උඹ හිතන්නේ පොර උස්සපු හින්දා නේ අපි ටී.ටී.එකටවත් වොයිස් කට් එකක් දෙන්නේ නැත්නම් මචං මුන් අපිව උන්ද මලාද කියලා දන්නවද

උඹ හිතපං මං ගැන.. ගම්මං කියවන්න ගත්තා මං අර උරුමෙන් එළියට ආවේ මොකද්දෝ තියෙන අමාරුවකට ඊට පස්සේ ඇතුලට යන්නත් බෑ නොන්ඩි හතයිනේ බං ඊට පස්සේ මහියව උස්සනවා ඇරෙන් මොනවා කරන්නද බං …දැන් බලපං අපි ගැන කාටූන් කාරයෝ හරි අදිනවා නේ..නැත්නම් අපි පු…ත් නෑ..

උඹට කියන්න මං කැපෙන්න ඔන්න මෙන්න තිබ්බේ… වාසුවා කියවන්න ගත්තා
මං රනිල්ට කුණු හරුප දෙකයි කිව්වේ බලපං මං මාසයක් දෙකක් මීඩියා ෆීල්ඩ් එකේ නැගලා ගියානේ… ඕකයි මචං තත්වේ

එතකොට විස්ස ..?

පුකේ විස්ස අනේ මේ දැන් බොරැල්ලටත් ආව බැහැපං ..

තුන් දෙනාම මාව බිමට ඇදලා දාලා බායි කියාගෙන ගියා..

බොරැල්ලේ බිං ගේ ඇතුලට රිංගද්දී මට හිතුනේ ඇත්තටම මුං කවුද කියලයි..

අන්තිමට හිතුනේ අපි කවුද බං එතකොට..?

තව්තිසා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here