බදියුර්දීන්ගේ සියාගේ පදිංචි බිම ආරක්ෂා කිරීමට ජවිපෙ විල්පත්තු ගිය හැටි

0
142

අද 2015 මැයි මස 11 වන දින

අද බෝහෝ ජනමාධ්‍ය මගින් විල්පත්තු අභය භූමිය නිරීක්ෂණය කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ගිය බවත් ඒ ආනුභාවයෙන් නැවත විල්පත්තුවේ කිසිදු ඉඩම් සංහාරයක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදු නොවන බවට හුදු ජනයා කල්පනා කරනු නොඅනුමානය.

එහෙත් සිදුවූයේ කුමක්ද ?

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත පළමුවද අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ දෙවනුවද නිතිඥ සුනිල් වටගල තෙවනුව වාහනයෙක් බැස විල්පත්තු අභය භූමියේ ජනයා පදිංචි කොට ඇති බවට සැලකෙන ආසන්නයේ මාර්ගයක පිරිසක් මැද්දට සෙන්දු වන්නේය.
එම පිරිස පිළිගනු ලබන්නේ රිසාඩ් බදුර්දීන් විසින් මුව පුරා සිනහා පාමිනි. ඒ අවස්ථාවේම ලංකාවට ජාත්‍යන්තර නිරීක්ෂකයන් එන්නා විලාසයෙන් විල්පත්තුවට ගොඩබසින ජවිපෙ නඩයට පාර පුරා ඉඩදෙන බදුර්දීන් පසෙකට වන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා බැට් කිරීම සදහා පිරිස ඉදිරියට දමමනි.

ඒ අනුසාරයෙන් තවත් එක් ඇහුන්කන්දෙනු ලබන පිරිසක් බවට පත්වන ලාල් වසන්ත හා සුනිල් පසෙකට වී දිස්ත්‍රික් ලේකම්වරයාට සවන් දී සිටින්නේය.

විල්පත්තුවේ සිමා මායිම් බිම් පවා සියල්ල අවතැන් වූන්ට ලියා දුන් අන්දමත් ඒ සියල්ල නිත්‍යානුකුලව සිදුකළ බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා පරස්පර ඒ ප්‍රකාශනයේ තැනින් තැන ඔහු ලිස්සා යන්නට උත්සාහ දැරූ තැන්ද දක්නට ලැබිනි.
එහෙත් ඒ අපැහැදිලිකම් ඒ අවස්ථාවට සහභාගී වූ මාධ්‍ය වේදීන් ප්‍රශ්න කර සිටියත් ජවිපෙ සහෝදරවරුන්ගේ මැදිහත් වීමෙන් දිස්ත්‍රික් ලේකම්වරයාට එම අවස්ථාවන්ට ඉඩ ලබාදුන්නේ මේ කතා කරන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා යනුවෙන් ලාල් කාන්ත මාධ්‍ය වේදීන්ට පැහැලි කොට දුන්නේ විල්පත්තුවේ පදිංචි කිරීම් නිත්‍යානුකූල බව තහවුරු කරන්නාක් මෙනි.
එහෙත් මාධ්‍ය වේදීන් ඒ අවස්ථාවේ ජවිපෙ සහෝදරවරුන් පරයා දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ප්‍රශ්න කොට සිටි අතර පදිංචි කිරිම් සිදුකිරිම නිත්‍යානුකූල නොවන බව දක්වා එවැනි ස්ථානයන් පෙන්වා දීම සදහා තමන් සමග ඒ ස්ථානයට යායුතු බවද දක්වමිනි.

පසුව ජවිපෙ සහෝදරවරුන් ඒ සියල්ල පසෙක දමා මේ පැහැදිලි කිරිම පසුවට කල් තබන්නාක් මෙන් බදුර්දීන්ට පැහැදිලි කිරිම් කිරීමට අවස්ථාව සලසා දුන්නේය.

ජවිපෙ විල්පත්තු නිරික්ෂණ චාරිකාව මහා මාර්ගයට පමණක් සීමා වූ අතර කැලය තුල සිදුව ඇති හා වැව් ඉස්මත්තේ සිදුකොට ඇති අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් කිසිදු ඉදිකිරිමක් නීතිවිරෝධී යැයි පැවසීමට ඔවුන් අපොහොසත් විය.
තත්වය මෙසේ වුවත් අද පුවත්පත් සියල්ල වාර්තා කොට තිබුනේ විල්පත්තුවේ නිරීක්ෂණය කළ ජවිපෙ කණ්ඩායම විල්පත්තුවේ බදුර්දින් විසින් සිදුකරන සංහාරය නතර කර දැමීමට ජවිපෙ මැදිහත්වූවාය යන සිරස්තලවලිනි.
එසේ වුවද විල්පත්තු සංහාරය ආරම්භ කළාට වඩා හොදින් ඉදිරියට යාම අනිවාර්යය. පරිසරයට ආදරය කරන්නන් හා ලොවේ පරිසරය රැක ගන්නන් හට සටනක් ඉතිරිව ඇත.

බදුර්දින් තම සීයාගේ ආච්චිගේ පදිංචි භුමිය මෙයයැයි පවසයි. එහෙත් බදුර්දීන්ට පමණක් නොව ජවිපෙ සහෝදරවරුන්ට ද සදහන් කළ යුතු දෙයක් ඇත.

ඒ කවරෙකුගේ සියාගේ හෝ ආච්චිගේ පදිංචි භුමිය මෙය විය හැකි වුවත් එය විල්පත්තු අභය භුමිය නොවන බවත් එය එසේ වුවත් අභය භුමියක් ලෙස නම් කිරීමෙන් පසුව කිසිදු ඥාතියෙකුට හෝ මනුස්ස සතෙකුට එකී භූමිය අයිති නැත. එය සතුන්ට රුක්ෂ ලතාවන්ට අයිති වන්නකි.

කිසියම් ලෙසකට බදුර්දීන් විසින් මෙවැනිනක් පවසන්නේ නම් එය සවන් යොමුකළ හැකි කතා බහක්වන්නේ මේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් පාරිශුද්ධ වු භූමියක්ය යන්න පවසා සිටිී නම් එවිට එයින් අර්ථවත් වන්නේ මිනිසුන්ට මේ භූමියේ උරුමයක් නොමැති බවත් එය පාරිසරිකව ආරක්ෂා කළ යුත්තක්ය යන්නය.

එහෙත් එවැන්නක් සිදුකිරිමට බදුර්දීන් කිසිවිටකත් සිදුනොකරන්නේය. ඔහු පවසා සිටින්නේ මෙය තම සීයාගේ ආච්චිගේ පදිංචි භුමියක් බවත් එබැවින් සතා සීපාවා ගහකොළ එයට ඉඩ දිය යුතු බවත්ය.

ගැටලුව ඇත්තේ උරුමයන් ආරක්ෂා කිරීම යන ජවිපෙ සහෝදරුන් වන සංහාරක ඇමතිගේ සිනහව පිලිගෙන සහාරයට ඉඩදී පල්ලම් බැසීමය.

දැන් අප ජනතාව යමක් කිව යුතුය. දේශපාලකයන් කුමන වේශයෙන් පැමිණියත් මෙකී පරිසර ගැටලුවට විසදුම් නොලැබෙන බවත් ඒ සදහා මහජන සටනක් අනිවාර්යය බවත්ය.

කර්තෘ සටහන

ප්‍රධාන සංස්කාරක

දි ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here