මැතිවරණයේ තදියම හා ඔලු සාදාගැනීම

0
192

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අනේක විධ ප්‍රවෘත්තීන් එදිනෙදා ජනමාධ්‍ය වසා පැතිරී ගියේය. තවදු එය එලෙසම පවතින්නේ විධායකයේ බලමහිමය තවදුරටත් ජනතාවට එක්තු ගන්වමින්ය. මහ මැතිවරණයක් කැදවීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පාර්ලිමේන්තුව සතු විය යුතු බවට විධායක බලතල සංශෝධනයේ මූලික කරුණක් වුවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනමත විමසුමක් සදහා දොරගුළු දැමීමෙන් මේ වන විට පීඩා විදිනුයේ එක්සත් ජාතික පක්ෂය විනා අන් කවරෙකු හෝ නොවන්නේය.

ජනවාරි 08 පිහිටුවාගත් තාවකාලික ආණ්ඩුවේ ආයුෂ දැන් පහව ගොස් ඇත.තවදුරටත් මහින්ද රාජපක්ෂ විසින් සාදාතිබූ ආර්ථිකයක් සමග එක්සත් ජාතික පක්ෂයට තමාට සිතූ දෑ සිදුකිරීමට අවකාශ සලසා දී නොමැත. එයට ප්‍රධාන හේතුවක් වන්නේ බහුතර බලය ආණ්ඩුව සතු නොවීමයි.
නව ආණ්ඩුවට සිතු සිතූ දේ සිදුකළ නොහැකි වටපිටාවක් මේ හේතුවෙන් නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් කෙසේ හෝ ආර්ථිකය ගැට ගසා ගැනීමට ණය ගැනීම් බදු ගැසීම සදහා පනත් ගෙන ඒම් නොකළ හැකිය.
එබැවින් මේ කාල පරිච්ඡේදය ජනතාවට ලංකාවේ ආණ්ඩු සම්බන්ධයෙන් කිසියම් අධ්‍යයනයක් සදහාද කදිම කාලයක් වී ඇත. එළඹෙන මහ මැතිවරණයෙන් ජය ගැනීම සදහා නම් ජනතාවට සහන දිය යුතුය. ඒ සදහා මේ ආණ්ඩුවට බහුතර බලයක් පැවැතියේ නම් ලෝක බැංකුව හෝ වෙනත් රාජ්‍යයන් සමග එකගතාවන්ට පැමිණ ජනතාවට සහනලබාදිය හැකිය. පැවැති මහින්ද රාජපක්ෂ පාලනය මෙය මොනවට ප්‍රදර්ශනය කළේය.
මැතිවරණයක් ආසන්නවත්ම ඔවුන් ජනතාවට කප්රුක් පහල කළේය. ඒ ජනතාවටම අවසානයේ බර පැටවෙන ලෙස බඩුමිල අඩුකිරීම් සහන සැලසීම් සිදුකිරීමෙන්ය.
කෙසේ නමුත් මේ වන විට ඒ කිසිදු හරුපයක් සිදුකිරීමට නොහැකි වන ලෙස ඇණය තදකොට ඇත. එබැවින් අමාරුවේ වැටී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ඔවුන්ට එළඹෙන මැතිවරණයේදී ජනතා කැමැත්ත ලබාගැනීමට ජනතාවට කැරට් කැවීමට නොහැකි බැවිනි.
අනෙක් පසින් කොතරම් තදියම් වුවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තමාට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කේඩරයක් නිර්මාණය කර ගැනීමට මේ දක්වා නොහැකි වීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද නොවේ හෙට යන බාලගිරි දෝෂයට පත්කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
ඔහුට තවදුරටත් සිත සිතා සිටීමට සිදුව ඇත්තේ මහින්ද රාජපක්ෂ ඔහුට ආවතේව කම් කරන්නවුන් රැළක් එක්කොට ජනතාව කළඹමින් සිටීම හේතුවෙනි.
මේ අයුරින් ජනතාව හමුවේ ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් බෝලපාස් කරමින් ව්‍යවස්ථා මර උගුල් අටවමින් නිදහසට හේතු දක්වමින් සිටීමේ වටපිටාවක් නිර්මාණය කොට ඇත.
මෙවැනි තත්වයන් හමුවේ ජනතාව මැතිවරණ ආවත් එකයි නැතත් එකයි යන මතයේ සිටියත් මාධ්‍යයන් විසින් හා දේශපාලනඥයින් විසින් ඔවුන්ගේ මනස් ජනතාවටම අවාසි වන මැතිවරණයක අවශ්‍යතාවයක් සම්බන්ධයෙන් ඔලු සෝදාදමමින් සිටී.
මේ සියල්ල කෙසේ වුවත් ජනතාව ජනතාව සදහා වන වැඩක් සාදා ගැනීමට හා පාලන බලයක් ලබාදෙන්නේ ඒ කාහටද යන්න පිළිබද ඔලුව සාදා ගැනීමට කාලය පැමිණ ඇති බව සදහන්කළයුතුව ඇත.

කර්තෘ සටහන
තුසිත පතිරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here